IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


වී හොරා යතුරු තිබූ තැනම තබා ගිහින්

(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
ගෙහිමිකත සඟවා තිබූ යතුර රැගෙන නිවස තුළ ගොඩ ගසා තිබූ වී ගෝනි සොරාගෙන යතුර තිබූ තැනින්ම තබා පලාගිය වී සොරකු පිළිබඳ මාවතගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ගෙහිමි කාන්තාව මාවතගම පොලිසිය වෙත ඉකුත් 17 වැනිදා  කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය  මෙසේය. 


මාවතගම නගරාසන්න ගමෙක වෙසෙන ඇය දිනපතා පොල්ලෙලි වැඩ පොළකට ගියේ තම දිවි සරු කර ගැනීම සඳහාය. නිවසේ කිසිවකු නොසිටින බැවින් ඇය  තම නිවසේ යතුර නිවස ඉදිරිපස මල්පෝච්චියේ සඟවා යාමට පුරුදු වී සිටියාය.


එදිනද සුපුරුදු ලෙස නිවෙස වසා යතුර සඟවා තබා යන්නට ගිය ඇය වැඩ ඇරී සවස් යාමයේ  නිවසට පැමිණ රාත්‍රි ආහාර පිළියෙළ කිරීම සඳහා සහල් ගබඩා කර ඇති කාමරයට ඇතුළුවිය. එහිදී දක්නට ලැබුණේ වී ගෝනිවලින්  හතරක් පහක් අතුරුදන්වී ඇති බවය.


ඒ බව  මාවතගම පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


මාවතගම පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිමල්, උප පොලිස් පරීක්ෂක බුද්ධික බණ්ඩාර හා පොලිස්  පරීක්ෂක කුමාරසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති. 

 



අදහස් (0)

වී හොරා යතුරු තිබූ තැනම තබා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1860 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1499 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site