IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැසිකිළියේ පෙම් හමුවටත් බාධකයක් වැටිලා

රක්වාන -  ඩබ්ලිව්.ඒ. සිරිසේන
පෙම්වතියගේ ඇරියුම පරිදි ඇය හමුවීමට ගිය පෙම්වතකුට අනපේක්ෂිත අන්දමින් සිදුවූ  විජ්ජුම්බරයක්  පොතුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ දී අනාවරණය විය.
එකම ගමේ විසූ 19 හැවිරිදි  තරුණියක් සහ විසි හැවිරිදි තරුණයෙක් වසර තුනක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියහ. එය වැඩිහිටියන්ගෙන් වසන් කරගෙන සිටීමට ද ඔවුහු සමත් වූහ.
ඔවුන් එකිනෙකා හමු වී පෙම් සුව විඳීමට තෝරාගෙන ඇත්තේ එක් එක් ස්ථානය. 
සිද්ධිය වූ දින ඔවුන් හමුවීමට සැලසුම් කර තිබුණේ පෙම්වතියගේ නි‍වෙසින් පිටත  තිබූ  වැසිකිළියයි.  මෙම හමුවීම එලෙස  යොදා ගැනීමට  පෙම්වතිය සැලසුම් කර ඇත්තේ එදින රාත්‍රි අටට පමණ  ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක විකාශනය වන නාට්‍යයක්  මව ඇතුළු පවුලේ උදවිය නොවරදවාම නැරඹීමට පුරුදුව සිටීම බව අනාවරණය වී ඇත. 


අනතුරුව පෙම්වතියගේ උපදෙස් මත ක්‍රියා කළ පෙම්වතා රාත්‍රි අට පසුවී සුළු වෙලාවකට පසු පෙම්වතියගේ නි‍වෙස පිටුපස  අඩක් වසා තිබූ වැසිකිළියේ දොර විවෘත කරත්ම ඒ තුළ සිටියේ පෙම්වතිය වෙනුවට ඇගේ මවය. ඒ මොහොතේ මව බියට පත්ව මහා හයියෙන් කෑගැසීමට වූයෙන් බියට පත් පෙම්වතා කරුවලේම හිස්ලූලූ අත දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් නොහැකිවය. 

 



අදහස් (0)

වැසිකිළියේ පෙම් හමුවටත් බාධකයක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site