මාවනැල්ල බණ්ඩාර ජයරත්න
අරණායක ප්‍රදේශයේ අසුපිණි ඇල්ල පෙනෙන මානයේ එක්තරා ගමක මෘතදේහයක් මිහිදන් කිරීමට සොහොන් භූමියට ගිය හිතවතුන්ට තරු පෙනුණ පුවතක් අරණායකෙන් වාර්තා වේ.
මරණය මිහිදන් කිරීමට දින නියම වෙත්ම ගමේ තරුණ කොල්ලන් කුරුට්ටන් අතර උද්වේගයක් ඇති වූයේ ඥාති හිතවතා මිහිදන් කිරීමට වළ සකස් කිරීමට ය. පසුදින එළිවෙන තෙක් නොඉවසිල්ලෙන් සිටි පිරිස කතිකාවක් කර පරිද්දෙන්ම මළගෙදර පිරිසගේ අනුදැනුම පරිදි අවශ්‍ය උදලු දෙකක් සහ යකඩ ඉන්නක් රැගෙන සොහොන් භුමියට ගියහ.
ආගිය කතා කියමින් තරුණ පිරිස සොහොන් භුමියේ වළ කැපීම ආරම්භ කළෝය. කොයි කවුරුත් සහයෝගයෙන් වැඩේ කරගෙන යද්දී මළගෙදරින් සහාය වන්නන්ට වේලාවට තේ බනිස් ටික සොහොනට එවන්නට අමතක නොකළේය. මළගෙදර ඇත්තෝ ගෙනත් දුන් තේ බනිස්වලට තරුණ පිරිස වැඩි මනාපයක් නොදැක් වූහ. එහි සිටි ඇතැම් තරුණයන් තමන්ට අවශ්‍ය දේ නොකියා කීවේය. ඒත් තමන්ගේ කාර්ය නොපිරිහෙලා ඉටුකරමින් මළසිරුර භූමදානයට සුදානම් කරමින්ය.
කාලය ගෙවී ගියේය. වළ කැපීම අවසන් කළ තරුණ පිරිස වළ වටේ වාඩිවී ඇඟේ මහන්සිය ඇරියේ තව ටිකකින් තමන්ට ලැබෙතැයි සිතමින් සිටි පානය ගැන සිතමින්ය. වෙන තැන්වල මේ වන විට ලැබෙන එම පානය ගැන සිතා සිටි තරුණ පිරිස බලාපොරොත්තුවෙන් සිටි දේ නොලැබෙන බව වැටහී තරුණ පිරිසට මළ පැන ඇත.
මළගෙදර ඥාතීන්ට ඉඟියෙන් පැවසූ පානය නොලැබීමේ ආවේගය ප්‍රබල වී වළ කැපීමට ගිය වෙලාවත් මහන්සියත් ගැන නොසිතා තමා වළ කැපූ ආයුධ කිහිපයක් වළට දා ඔවුන් කිසිවකුට නොදන්වා ඇඟේ පතේ විඩාව නිවා ගන්න නික්ම ගොසිනි.
මළගමේ සියලු කටයුතු අවසන් කර මිහිදන් කිරීමට පැමිණි අවස්ථාවේ පවුලේ හිතවතුන්ට උන් හිටිතැන් අමතක විය. උදේ තේ, බනිස් රැගෙන එන විට කපා තිබූ වළ මේ වෙද්දී පස් දමා තිබූ අයුරු දැක ඔවුන් එකිනෙකා මුහුණ බලා ගත්තේය. මිහිදන් කිරීමට ගෙනා පෙට්ටිය පැත්තකින් තබා නැවත වළ හාරන්නට කඩිමුඩියේ රැස්වූ පිරිස පියවර ගත්හ. වළෙහි අවසන් භාගය යන විට ගෙදරින් ගෙනා ආයුධ එහි දුටු ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න වැටහුනේ එවිට ය. මළ ගමේ අවසන් කටයුතු නිම කර ඥාති පිරිස නික්ම ගියේ හිතේ සෝ දුක පසක තබා වෙච්ච විපත්තියට වළ කපන්නට සහායට ආ පිරිසට දෙස් දෙවොල් තබමින්ය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වළ නැතිව තරු පෙනිලා
kahawita Thursday, 13 February 2025 07:38 AM
ඕක නම් සහතික ඇත්ත අද මුලු රට පුරාම ඉන්න උදව්වක් කළොත් රිඊ මාංස සුරාගන්න බලාගෙන ඉන්න මිනිස්සු
ගුණරත්න Thursday, 13 February 2025 08:08 AM
කැත ගති තියෙන මිනිස්සු!