IMG-LOGO

විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින්

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
විසිතුරු මසුන් අලෙවි සැලට එන මාළු හොරා අල්ලන්න සවිකළ කැමරාව පරීක්‍ෂා කරද්දී හොරා මිනිසෙක් නොව කොකෙක් බවට අනාවරණය වූ  සිද්ධියක්  නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


එය ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි විසිතුරු මසුන් අලෙවි කරන තැනකි. එහි  ටැංකිවල සිටින වටිනා මාළුන් නිතර එකා දෙන්නා අතුරුදන් වීමට පටන්ගෙන තිබේ. 


මේ නිසා එහි හිමිකරු ලොකු වියදමක් දරා හොරා අල්ලා ගැනීමේ අරමුණින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර ඇත. කවුරු හෝ මාළු ගැනීමට පැමිණෙන මුවාවෙන් වටිනා මාළු හොරකම් කරනවා ඇතැයි හිමිකරු සිතා ඇත. 


මාළු හොරකම දිගටම සිදුවන නිසා දිනක් කැමරා දර්ශන පරීක්‍ෂා කරද්දී මාළු අලෙවි සැලට එන කොකෙක් වටිනා මාළුවකු ඩැහැගෙන යන අයුරු දැක ඇත.


මේ  තරම් කාලයක් මේ මාළුවන් ගිල දමා ඇත්තේ කොකා බව එහි හිමිකරු දැන ගන්නා විට සිදුව තිබූ පාඩුව රුපියල් දහ දහක් පමණ බව පැවසේ. 


පසුව දැල් ආවරණයක් යෙදූ පසු කොකාගේ කරදරය නැතිවී ගොස් ඇත. 

 



අදහස් (0)

විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 18 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 53 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1618 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site