IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වියපත් මව රැකබලාගැනීමේ හිලව්වට මිදුල තේ වගාවට දීලා

අසනීපව සිටින තම වියපත් මෑණියන් රැකබලා ගැනීමේ හිලව්වට මහ ගෙදර මිදුලේද තේ වගා කිරීමට සූදානම් වූ පුත්‍රයෙකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් පසුගියදා  අසන්නට ලැබිණි.
පවුලේ සහෝදර සහෝදරියන් පිරිස හත් දෙනෙකි. ඉන් වැඩි පිරිසක් ආවාහ විවාහ වී ඈත ප්‍රදේශවල ජීවත්වෙති.   රෝගී  තත්ත්වයක් නිසා කාලයක් තිස්සේ  ඔවුන්ගේ මෑණියන් සිටින්නේ ලෙඩ ඇඳේය.
 පවුලේ සියලු‍ම දෙනාගේ එකඟත්වය ඇතිව ගම් ප්‍රදේශයේම ජීවත්වන පවුලේ බාලයාට තම මෑණියන් රැකබලා ගැනීම පැවරිණ. ඔහු ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළේ මහගෙදර සියලු‍ දේපළ තම නමට ලියවා ගැනීමෙන් පසුවය. දේපළ පමණක් නොව මවට ලැබෙන විශ්‍රාම වැටුප පවා ලබා ගැනීමට ඔහු ක්‍රියා කළේය.
එපමණක් නොව මවගේ බේත් හේත්වලට යැයි කියමින් ගමෙන් ඈත සිටින සොයුරු සොයුරියන්ගෙන් මසකට රුපියල් පන්දහස බැගින්ද ඔහු  ගෙන්වා ගනියි.
කෙසේ වෙතත්  මවගේ ඉල්ලීම මත නිවෙසක් නොමැති පවුලේ වැඩිමල් සහෝදරයාට සහ එම පවුලට මහගෙදර ජීවත්වීමේ අයිතිය පමණක් ලබාදී තිබිණ.


 සෑම සතියකම සේවකයකු සමඟ අත්ට්‍රැක්ටරයෙන් මහගෙදර යන පවුලේ බාලයා එහි  ඇති තේ දළු සහ වෙනත් පොල්, පුවක්, කොස්, පොළොස්, පලතුරු ආදී සියලු‍ම දේ කඩාගෙන යයි. නිවසේ ජීවත්වනවා හැර වේළී වැටෙන පොල් ගෙඩියක් හෝ ඇහිඳ ගැනීමට අයියාට තහනම්ය.
පසුගිය සති අන්තයේ දිනෙක උදේ පාන්දර ලොකු අයියා දොර අරින විට පුද්ගලයින් දෙදෙනෙකු අත්ට්‍රැක්ටරයෙන් ගෙන ආ තේ පැළ තොගයක් මිදුල මැද බාමින් සිටිනු දැක ඇත.
ඉඩමේ සෑම බිම් අඟලකම වගා කර තිබියදී මේ තේ පැළ කොතනක සිටුවීමටදැයි ඔහු විමතියට පත්විය.
 මිදුලේ තේ  පැළ ටික සිටුවා එන ලෙස පුංචි මහත්තයා තමන්ට පැවසූ බව කියමින්, පැමිණි කම්කරුවන් දෙදෙනා උදලු‍ අලවංගු රැගෙන මිදුලේ වළවල් හෑරීමට සූදානම් වී ඇත.
එවිට යක්ෂාරූඩ වූ ලොකු අයියා හොඳවයින් ලු‍ණු ඇඹුල් ඇතිව සුද්ධ සිංහලෙන් ගෝරනාඩුව පටන් ගනිද්දී ⁣මේ වගේ කුණු කොන්තරාත්තු තවත් නම් බාර ගන්නේ නැතැයි කියමින් තේ පැළ සහ උදලු‍ අලවංගු ට්‍රැක්ටරයට පටවාගත් කම්කරුවන් දෙදෙනා පස්ස නොබලාම පිම්මේ පැන ගියාලු‍.

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි



අදහස් (0)

වියපත් මව රැකබලාගැනීමේ හිලව්වට මිදුල තේ වගාවට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site