IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනසකට හිත ගිහින් ලක්ෂ 2 ක් නැති කරගෙන

(උණවටුන ඩී.ජී. සුගතපාල)

ඇය ගාල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත කෙළවර ගමක ජීවත් වූ හතළිස් තුන්හැවිරිදි විවාහක කාන්තාවකි. පසුගිය දිනෙක කිසියම් අවශ්‍යතාවක් සඳහා ගාල්ල නගරයට පැමිණි ඇය එය ඉටුකර ගැනීමෙන් පසු ගමට යාම සඳහා බස් රථයකට ගොඩවූවාය.

සම වයසේම යයි සිතිය හැකි කඩවසම් පුද්ගලයකු ද පැමිණ ඇයගේ අසුනේ වාඩි විය. වාඩිවන විටම ඔහු මඳ සිනහවක් පෑව ද ඇය එය ගණනකට ගත්තේ නැත. බස් රථය කඳු පල්ලම් පසු කරමින් උඩුගම මාර්ගයේ ධාවනය විය. වංගු ගන්නා විට ඔහු ඇයගේ සිරුරට මඳක් බර වුව ද එය සාමාන්‍ය දෙයක් නිසා ඇය එතරම් ගණන් ගත්තේ නැත. ඔහු ඇය සමග කතා කිරීමට උත්සාහ කළත් ඇය වැඩිපුර කතා කළේද නැත.

එහෙත් කිසියම් අලුත් හැඟිමකින් තමාගේ ඇඟ කිළිපොලා යන බවක් ඇයට දැනින. මේ අතර ඔහු නිතරම තමාගේ ගෙල බැඳී මාලය දෙස බලන බවක් ඇයට දැනුණේ නැත. ටික දුරක් යනවිට ඔහු දුරකතන අංකයක් ලියා දුන්නත් එය බාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කළාය. ටිකෙන් ටික ඔහුගේ ගමනාන්තය ආසන්න වූ නිසා ඔහු දුරකථන අංකය ලියූ කොළ කැබැල්ල ඇයගේ උකුල මත තබා බැස ගියේය.

ඇය කොළ කැබැල්ල අතට ගැනීම ප්‍රතික්ෂේප කළ ද ඔහු බැස ගිය පසු එය කිසිවකුටත් නොපෙනෙන පරිදි බෑගයේ රුවා ගත්තාය. නිවෙසට ගිය ඇය බසයේ දී හමු වූ පුද්ගලයා ගැන බොහෝ සිතුවාය. අවසානයේ වෙනසක් පතා ඇය එම අංකයට ඇමතුමක් දීමට තීරණය කළාය. ඔහුගේ කතා විලාශයට වශි වූ ඇය දුරකථනය ඔස්සේම තම හදවත ඔහුට යැව්වාය.

ගතවූයේ දින කිහිපයකි. තමා කරාපිටිය රෝහලට එන බව ඇය ඔහුට පැවසුවාය. නියමිත වේලාවටත් පෙර ඔවුන් හමුවුයේ බොහෝ දේවල් කතාකර ගැනීමට තිබූ නිසාය. “මම ඔයාගේ මාලෙට දාන්න ලස්සන පෙන්ඩන් එකක් ගෙනාවා. කෝ ගලවලා දෙන්න මේක දාලා දෙන්න.” ඔහු මෙතරම් ඉක්මනට තමාට ළංවීම ගැන ඇයට පුදුම හිතිණ.

ඇය ද කිසිම පැකිලීමකින් තොරව තමාගේ ගෙල බැඳි පවුම් දෙකක මාලය ගලවා ඔහු අත තැබුවාය. ඔහු පෙන්ඩනය මාලයට දැම්මේය. “හරි ඉතිං මම ඉස්සරවෙලා කරේ දාගෙන ඉඳල යනකොට ඔයාට දෙන්නම්” කියමින් ඔහු මාලය තම කරේ දමා ගත්තාය. එයට උදව් කළේ ද ඇයමය. තව තවත් දේවල් කතා කිරීමෙන් පසු ‘මගේ යාලුවෙක් ඉන්නවා වාට්ටුවේ යමු බලල එන්න” කියමින් ඔහු ඇය සමග වාට්ටුවට යාමට ගියත් ලෙඩුන් බලන වේලාවට තවත් වෙලාව තිබෙන බව පවසා ආරක්ෂ අංශ යාමට ඉඩ දුන්නේ නැත. එහෙත් වාට්ටුව තුළට යාමේ උත්සාහය ඔහු අතහැරියේ නැත.

“හරි අපි මෙහෙන් යමු” කියමින් ඔහු ඇය වෙනත් පැත්තකට කැඳවා ගෙන ගියේය. පුදුමයකි. එක් වරම ඔහු අතුරුදන් විය. සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමට බැරි විය. ඔහුගේ දුරකථනයට ඇමතුම් ගන්නා සෑමවිටම ඇයට ලැබුණේ ‘කනගාටුයි මෙම දුරකථන අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. ක්‍රියා විරහිතකර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත. පසුව අමතන්න” යන පිළිතුරකි.

බලාපොරොත්තු වූ වෙනසින් සැපක් නොවූ බව දැන් පැහැදිලිය. සිදුවූයේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය අහිමිවීම පමණි. තමාගේ මෝඩකමත්, නොදන්නා පුද්ගලයෙකු කෙරෙහි ඇල්මක් දැක්වීමත් නිසා කරගත් දෙයට දැන් කළ යුත්තක්ද නැත. ඇය බොහෝ වේලාවක් කල්පනා කළාය. අවසානයේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණියේ පැමිණිල්ලක් සටහන් කිරීමටය.

 



අදහස් (1)

වෙනසකට හිත ගිහින් ලක්ෂ 2 ක් නැති කරගෙන

himal Monday, 13 November 2017 05:38 AM

පොලීසිය ලවා අධිකරණ නියෝගයක් අරන් සිම්පතේ හිමිකරු අදාළ සමාගමෙන් හොයාගන්න පුළුවන්. රෝහලේ CCTV කැමරා තියේ නම් රූපය හඳුනාගත හැකියි.

:       0       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site