(හිඟුරාණ - නවරත්න සමරතුංග)
විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නකු විසින් ගෙහිමි පාරිභෝගිකයකුට නිකුත් කළ මනු සටහන් කිරීමේ ගිණුම් පත්‍රිකාවක ‘බුරන බල්ලෙක් ඉන්නවා’ යැයි සටහන් කරමින් අනුමාන සටහනක් යොදා ගිය සිද්ධියක් දමන කොට්ඨාසයේ නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
විදුලි බිල්පතක් ගෙවීම සඳහා අදාළ පෞද්ගලික ආයතනයකට පැමිණි තරුණියක් අයකැමිවරියට මනු සටහන් කිරීමේ ගිණුම් පත්‍රිකාවක් සමග එහි සඳහන් මුදල ද භාර දුන්නාය.
එහිදී ඇ තිවූ සංවාදය මෙසේය.
“කවුද මේකේ බුරන බල්ලෙක් ඉන්නවා කියලා ලියලා තියෙන්නේ?”
‘කවුද කියලා නම් දන්නේ නෑ. හැබැයි බල්ලෙක් නම් ඉන්නවා.’
“එහෙනම් ඌ බුරන්න ඇති. ගෙදර කවුරුවත් නැති වෙලාවේ බල්ලා කව්වා ගන්නේ නැතිව රීඩර් අනුමාන ගාණක් මේ බිලේ දාලා යන්න ඇති’ යැයි අයකැමිවරිය සඳහන් කළාය.
“හැබෑ නේන්නම්. ඒත් ඉතින් අනුමාන ගාණ වුණත් ගෙවන්න එපැයි” යැයි බිල්පත ගෙනා තරුණිය කීවාය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විදුලි බිල් පතේ ‘බුරන බල්ලෙක්’