IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැඩි වාසි ගන්න කොරෝනා හැදුණැයි කියා අනාගෙන

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)

කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු ලෙස නිරෝධායනයට ලක් වූ පුද්ගලයකු වැඩි වාසි ලබා ගැනීමට තමාට කොරෝනා වැළඳී ඇති බවට පැවසීම නිසා සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

දෛනික රැකියාවක නිරත එම පුද්ගලයා ඔහුගේ බිරිය සහ දරුවා සමග කුලී නිවසේ නිරෝධායනයටලක් වන්නේ ආසාදිත ආශ්‍රිතයන් ලෙසය. නිරෝධායනය වූ පසු නිවසේ අගහිඟකම් ද ගලා එන්නට විය. දින 14ක් කෙසේ හෝ ගලපා ගත්තද ඉන් පසුව එන අගහිඟකම් පිළිබඳව ඔහු දස අතේ කල්පනා කළේය.

පසුව ඔහුට හොඳ නුවණක් කල්පනා විය. ඔහු සිය ජංගම දුරකතනය ගෙන දන්නා හඳුනන අයට දුරකථනයෙන් කතා කර තම දුක්ගැනවිල්ල පැවසීය. එසේ කතා කළ පිරිස් පැමිණෙන බව දැනගත් මෙම පුද්ගලයා වැට අද්දරින් පුටුවක්ද ගෙන ගොස් තැබීය.

පසු දින දහවල් වනවිට පුටුව මත වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු සහ මුදල් ද කීප දෙනකු විසින් ගෙනවිත් තබා තිබිණි. එයින් මහත් උද්දාමයට පත් එම පුද්ගලයා ඒ සියල්ල මහත් සතුටින් නිවසට ගෙන ගොස් තැබීය. පසු දිනද ඒ අයුරින්ම මොහුට ආහාර ද්‍රව්‍ය ලැබුණි.

මට කොරෝනා නැතුව මෙහෙම ලැබුණා නම් කොරෝනා හැදුණොත් කොහොම ලැබෙයිද යනුවෙන් ඔහු කල්පනා කළේය. වැඩිපුර ආහාර ද්‍රව්‍ය සහ මුදල් ලබා ගැනීමට මොහු උපායක් කල්පනා කළේය.

පෙර පරිදිම ජංගම දුරකතනය අතට ගත් ඔහු දන්නා හඳුනන අයට කතා කර තමාට සහ තම පුතාට කොරෝනා වැළඳී ඇති බව පවසා ආධාර උපකාර ඉල්ලා ඇත. බියට පත් හිතවතුන් යළි කිසිවක් ලබා දීමට පැත්ත පළාතේ නොආවේය. මේ වනවිට උතුර දකුණ මාරුවී ඇති එම පුද්ගලයා අනේ මං කරගත්ත ගොංකමක් යැයි කල්පනා කරමින් සිටින්නේලු.

 

 



අදහස් (0)

වැඩි වාසි ගන්න කොරෝනා හැදුණැයි කියා අනාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site