(සුජීව ජයවික්‍රම)
නිවෙසට අවශ්‍ය කළමනා ගෙන ඒම සඳහා නගරයට ගොස් එන විට දහවල් තේ පානය සඳහා අවශ්‍ය සුළු කෑමක් ගෙන එ්ම තරුණයාගේ සිරිතය. ඒ අනුව එදින අවශ්‍ය බඩු මුට්ටු ගෙන අවසානයේදී ආපනශාලාවකට ගොස් වඩේ ටිකක්ද අරගත්තේය.

නිවෙසට පැමිණි වහාම බිරිය සහ දරුවන්ද සමග තේ පානය සඳහා වඩේ පාර්සලය එළියට ගත්තේය. ඔහු පවුලේ උදවිය සමග වඩේ කමින් තේ බිව්වේය.
‘‘හා හා වඩේ කන එක නවතන්න. වඩේ කන එක නවතන්න.’’ කටේ තිබුණ වඩේ කෑලි එළියට ගන්න ගමන් තරුණයා කෑගැහුවේය.
‘‘ඇයි. ඇයි. වඩේ වල මොනවද තිබුණේ’’ බිරිඳ විමසුවාය.
‘‘බලන්න කෑම හදන හැටි. වඩේ එක ඇතුළේ දත් කෑල්ලක්. මම අද හොඳ වැඩක් කරනවා.’’ එසේ කී ඔහු මරු නැග වඩේ කෑල්ල සහ දත් කෑල්ල කඩදාසි කැබැල්ලක ඔතාගෙන කලබලයෙන් එළියට බැස නගරය දෙසට දිවෙන බසයක නැංගේය. නගරයේදී බසයෙන් බැසගත් ඔහු වඩේ මිලදීගත් කඩය දෙසට කලබලයෙන් යමින් සිටියේය. මේ අතර තම මිතුරකු හමුවූවේ අහම්බෙනි.
‘‘කොහොද බං මේ කලබලයෙන් දුවන්නෙ’’ මිතුරා විමසුවේය.
‘‘බලපං මචං හෝටල්කාරයො මිනිසුන්ට කන්න දෙන දේවල්වල හැටි. මං අද ඕකුන්ට හොඳ වැඩක් කරනවා. පී.එච්.අයි. මහත්තයටත් පැමිණිලි කොරල ඔය අසමජ්ජාති කඩේ වස්සවල තමයි පස්ස බලන්නේ’’ මිතුරා ඉදිරියේ කියාගෙන ගියේය.
‘‘හොඳටම විශ්වාසද ඔය දත් කෑල්ල තිබුණේ වඩේ එක ඇතුළේ කියලා’’
‘‘මොනව අහනවද බං. වෙන කෙනකුට අහුවුණා නං පිළිනොගන්න තිබුණා. මේක අහුවුණේ මටමයි මචං. බලපං. මම මේ දත් කෑල්ල හොඳට හැපුව. ඔහු කීවේ මහා අපුලක් මතු කරමිනි.
‘‘සමහර විට ඕක උඹේ කටෙන් වැටුණ දතක්ද කියලා කවුද දන්නේ’’ මිතුරා කීවේ විහිළුවට වගේය. ඒ සමගම ඔහුගේ දිව තම දත් ඇන්දේ එහෙට මෙහෙට ගියේ ඉබේටම වගේය.
‘‘අර කිව්වත් වගේ මචං. මගේ කටේ දතක කෑල්ලක් නැහැ බං. තව පොඩ්ඩෙන් කලබල වෙලා මළ කෙළියක් තමයි වෙන්නෙ’’ එහෙම කියපු ඔහු වඩේ කෑල්ල සහ දත් කෑල්ල කානුවකට විසිකර නැවත නිවෙස දෙසට යන බසයකට ගොඩවූයේ මිතුරාගේ සිනහව මැද්දේය.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වඩේ කද්දී දත ගලවගෙන කඩේට සත්තම දාන්න හදලා