IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලස්සන වෙන්න මුහුණේ ගෑ මී කිරි තට්ටුව බලු හුරතලා ලෙවකාලා

යෙහෙළියන්ගේ උපදෙස් මත මූහුණ ලස්සන වීමට ගෑ මුදවපු මීකිරි ගෙදර හුරතලයට ඇති කරන බලු_ පැටියා ලෙව කෑමෙන් එම කාන්තාව දැඩි අපහසුතාවට පත්වූවාය.


උපාධිධාරිනියක වන ඇය රජයේ කාර්යාලයක රැකියාව කරන අතර, නිතරම  තම රූප ස්වභාවය ගැන සැලකිලිමත් වීම පුරුද්දකි.  රූප ස්වභාවය වැඩි කර ගැනීම සඳහා කරන පිළියම් පිළිබඳව කවුරුන් හෝ දෙන උපදෙස්  හිස් මුදුනින්ම පිළිගැනීමට ඇය මැලි නොවන්නීය.


ඒ අනුව මුහුණේ සියුම් බව වැඩිකර ගැනීමට හා පැහැපත්ව තබා ගැනීම සඳහා මුදවපු මී කිරි මුහුණේ ගා පැයකට පමණ පසුව සෝදා හරින ලෙස ඇගේ යහලුවන් විසින් ඇයට උපදෙස් දෙන ලදී.


ඒ අනුව නිවාඩු දිනක දී ඇය මුහුණේ මී කිරි තවරා පැයක් යනතුරු ඇඳේ හාන්සි වූවාය. ඒ සමග ඇයට නින්ද ගොස් ඇති අතර, ඇය විසින් හුරතලයට ඇති කරන බලුපැටියා ඇයගේ කාමරයට පැමිණ මුහුණේ ගෑ මී කිරි තට්ටුව ලෙව කා ඇත. 

ඇය ක්ෂණිකව අවදි වී ඇති අතර එවිටත් මුහුණේ තිබූ මීකිරි වැඩි ප්‍රමාණයක් බලු_ සුරතලා විසින් ලෙව කා ඇති අතර ඇයට මහත් පිළිකුළක් ඇති වී ඇත.


පසුදින කාර්යාලයට පැමිණ සිද්ධිය තම යහලුවන්ට පවසා ඇති අතර ඔවුහු ඒ සම්බන්ධව විහිලු කරන්නට පටන් ගත්හ.


කතාව කාර්යාලය පුරා පැතිර ගොස් ඇති අතර, ඇය අසලින් යනවිට බල්ලන්ට දෙන්න ගෙනා මීකිරි ගෙදර තියනවා දැයි විමසීම නිසා ඇය මහත් ලජ්ජාවට පත්වූවාය.

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)

 



අදහස් (1)

ලස්සන වෙන්න මුහුණේ ගෑ මී කිරි තට්ටුව බලු හුරතලා ලෙවකාලා

leel gunawardena Monday, 17 February 2020 07:34 PM

ඉස්සර වෙලාම බලු සුරතලා ලෙව කනකොට සිහිනෙන් හිතන්න ඇති ප්‍රේම වන්තයෙක් මුහුණ ලෙව කනවා කියා රස වින්දනයක් ලබා ගන්න ඇති, මී කිරි ටික ඉවර වේගන එනකොට අවදි වන්න ඇති අයියෝ පව් අප්පා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site