IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලේලියගේ හොර අල්ලන්න ගිහින් මාමා පොලිස් කූඩුවේ

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ලේලියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ මාමා කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


ආයතන දෙකක සේවය කරන විට දැන හඳුනාගත් තරුණයකු සහ තරුණියක දැනට වසර කිහිපයකට පෙර විවාහ වී සිටි අතර දෙදෙනාම රජයේ රැකියාවල නියුතු වන අතර රැකියාවේ ස්වභාවය අනුව බිරිය තම නිවසේත් සැමියා අගනගරයේ ඥාති ගෙදරකත් නැවතී රැකියාවලට ගියහ. සතුටින් ජීවත් වූ දෙදෙනාට දරුවන් දෙදෙනෙක්ද සිටිති. 


කාලය ගතවෙද්දී සැමියාගේ පියාට ලේලිය පිළිබඳව කවුරුන්ගෙන් හෝ සැක සහිත ආරංචියක් ලබාදී ඇති අතර ලේලියගේ හොර අල්ලා ගැනීම සඳහා ඔහු අපූරු උපක්‍රමයක් භාවිත කළේය.


ලේලියගේ ගෙදර ගිය මාමණ්ඩිය එම නිවෙසේ සවස් වන තෙක් කාලය ගතකර තම නිවසට යන බව පවසා පිටත්ව ගොස් තිබේ. රාත්‍රි නවයට පමණ ජැකට් සහ මුඛ ආවරණ ආදිය පැළඳ හිතවතකුගේ ත්‍රිරෝද රථයක් ඉල්ලාගෙන නැවත පැමිණියේය. 


 නැවත පැමිණ ලේලියගේ නිවෙසට සුපුරුදු ලෙස යන පාරේ නොගොස් වෙනත් කෑලෑබද මාර්ගයකින් ගොස් ත්‍රිරෝද රථය අතරමග නතර කර ඇයගේ නිවස අසලට ගොස් සැඟවී බලා සිටියේය. නාඳුනන වාහනයක් නතර කර තැබීම නිසා ප්‍රදේශවාසීන් කලබලයට පත්වූයේ මේ අතරතුරදීය.


ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීම නිසා පොලීසිය පැමිණ ත්‍රිරෝද රථය පොලීසියට ගෙන යද්දී ගම්වැසියෝ ත්‍රිරෝද රථයේ හිමිකරු එනතෙක් රැකවල්ලා ගෙන සිටියහ.


 මාමණ්ඩිය ත්‍රිරෝද රථය තිබූ තැනට පැමිණ බලන විට එය නොමැති නිසා කිලෝමීටර් තුනක් පමණ පයින් ගොස් පොලිසියෙන් ත්‍රිරෝද රථය පිළිබඳව විමසා කුලී රථයකින් නැවත වාහනය නතරකර තිබූ තැනට පැමිණියේය. ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පොලීසියට බාර දී ඇති අතර  එහිදී මාමා තමන් පැමිණි කාරණය පොලිසියට පැවැසුවේ  වෙන කිසිවක් කළ නොහැකි බැවිනි. 


මාමණ්ඩිය එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ ගත කළ අතර  පොලිසියෙන් කළ දැනුම්දීම අනුව ලේලියත් පුතාත් පසුදින උදෑසන පොලීසියට ගියේ කිසිවක් සිතාගැනීමට නොහැකිවය. 


මාමණ්ඩියට අවවාද කර මුදාහැරි පසු පුතා සහ ලේලිය සමග නිවෙසට පැමිණ ඇති අතර තිදෙනාම සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ කළ ද දින කිහිපයක් ගතවන විට කතාව ගම පුරා පැතිරගොස් තිබුණේ විදුලි වේගයෙනි.



අදහස් (0)

ලේලියගේ හොර අල්ලන්න ගිහින් මාමා පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site