තිහගොඩ උපසේන ලියනගම
සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද අනාවරණය වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උපනගරයක් ආශ්‍රිත නිවෙසකිනි.
මේ පුතා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එහි සේවය කරමින් සිටියදී දැනහඳුනාගත් වෙනත් ආයතනයක ලිපිකාරිණියක සමග දිගු කලක් ඇසුරු කර විවාහ වී තම නිවසේ පදිංචියට ආවේ මෑතකය.
බිරිඳ දකුණු පළාතේ උපනගරයකට සිය සේවා මාරුව ලබා ගත්තත් ඔහු අගනුවරම සේවය කරමින් සති අන්ත නිවාඩුවල ගමට ආවේය. ඔහුගේ මවට මද කලකින්ම ලේලිගේ හැසිරීම් සිතට ඇල්ලුවේ නැත. ඒ අැය වැඩිපුරම මිතුරන් ඇසුරු කරන නිසාය.
පසුගිය වෙසක් දිනවල මෙහෙකාරියක සමඟ නිවසේ කාමර පිරිසිදු කරන විට ලේලියගේ කාමරයේ සූට්කේසයක තිබී ඇයට ආ ලිපි මිටියක් නැන්දම්මාට අසුවිය. ඒ මහා පෙම් හෑලි ලියූ ලිපි මිටියකි.
නැන්දම්මාට දෙවියන් සිහි වී අගනුවර සිටින පුතා සති අන්තයේ ආ විටක ඔහුගේ සිතට කෝපයක් ඇති නොවන අයුරින් මේ බව කියා ලිපි මිටියද ඔහු අතට දුන්නාය.
මොහොතකින් ලජ්ජාශීලී වූ පුතා ‘‘මේව කවුද අම්මට දුන්නේ. මං ඉස්සර එයාට එවපු ලියුම් ටිකක්’’ කීමෙන් මවට තරු පෙනිණ.
‘‘එහෙමද ?’’ කියූ මව ඒවා ආපසු ඉල්ලුවත් පුතා ඒවා ගුලිකර ගත්තේ විනාශ කර දැමීමේ අරමුණෙන්ලු.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලේලියගේ පැටිකිරියෙන් පුතාගේ රෙදි ගැලවිලා
himal Monday, 16 October 2023 11:47 AM
රිප් වැන් වින්කල් කතාවක්. අද කාලේ මෙහෙම ලියුම් ලියන්නේ නෑ. අනික අම්මට බැරිද පුතාගේ අකුරු අඳුනගන්න?