(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලේලියගෙන් පළිගැනීම සදහා දහතුන් හැවිරිදි මිනිබිරියට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට අනුබල දුන් මිත්තණිය සියල්ල හෙළිවූ පසු කරකියාගත හැකි දෙයක් නැතිව ඉන්නට සිදුවූ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තාවේ.

යමක් කමක් ඇති පවුලකි. පුතා විදේශගත රැකියාවක නිරතය. නිවසේ කල්ගත කරන්නේ ලේලියත් නැන්දම්මාත් මිනිබිරියත් පමණි. පුතා රට රැකියාවට යාමටත් පෙර සිටම මේ නැන්දම්මාත් ලේලියත් අතර වූයේ දැඩි විරසකයකි.
රැකියාවට යාමට පෙර පුතා මේ දෙන්නාට කරුණු කාරණා කියාදී සමගියෙන් වෙසෙන ලෙස ඉල්ලා සිටියේය. බිරිය හා මව පුතාගේ යෝජනාවට ඒ අවස්ථාවේදී එකගත්වය පළ කළත් මව කල්පනා කළේ පුතා රටින් පිටව ගිය පසු ලේලියට හොද පාඩමක් උගන්වන්නටය.
නැන්දම්මා ලේලිය නිවසේ නැති අවස්ථාවන් බලා මිනිපිරියට වැඩි සැලකුම් දක්වන්නට පටන් ගත්තේ මේ අතරය. රස කෑම, පොත්පත් ගෙනවිත් දුන් මිත්තනිය අන්තිමේ මිනිබිරියට නවීන පන්නයේ ජංගම දුරකතන දෙකක්ද තෑගි කළේ අසල්වැසි පිරිමි ළමයකුගේ ගුණ ගායනා කරමිණි.
මවට හොරා දියණියට අසල්වැසි තරුණයා හමුවීමේ අවස්ථාව සලසා දීමටද මිත්තණිය පියවර ගත්තේ මේ අතරය. මේ හේතූන් නිසා මිනිබිරියගේ පෙම් පලහිලව්ව දුර දිග යමින් පැවතිණි.
ලේලිය නිවසින් බැහැරට යන අවස්ථා බලා මිනිබිරියගේ පෙම්වතා නිවසට කැඳවන්නටද මිත්තනිය පියවර ගත්තේ ඉදිරි දිනකදී මෙය ලේලිය කළ බවට පුතාට දන්වන අදහසිනි.
එහෙත් සිදුවූයේ වෙන එකකි. කිසිවකු මවගේ වැඩ පිළිවෙළ පුතාට දැනුම් දුන්නේ මේ අතරය. විදේශයේ සිටිමින්ම පුතා දියණිය හා සම්බන්ධ වෙමින් සිදුවූ සියල්ල අසා දැන ගත්තේය. සිය මව තම එකම දියණියට කරන්නට යන අපරාධය අවබෝධ කරගත් පුතා ආපසු ඒමට සුදානම් විය ඒ අතර තමන් සියල්ල දන්නා බව මවටද දැන්විය. පවුලේ උදවියද නැන්දම්මාට දොස් පැවරූහ.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලේලියගෙන් පළිගන්න නැන්දම්මා 13 දුවට මගුල් ජෝඩු කරලා