IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලාබෙට මාළු කන්න ගිහින් මුදලාලි පාඩමක් උගන්වලා

බළපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා
අඩු මුදලකට ලොකු මාළු කුට්ටියක් මිලදී ගැනීමට ගිය ගුරුවරියකට ලාබ අලාබ පිළිබඳ අලු‍ත් පාඩමක් මාළු මුදලාලිගෙන් ඉගෙන ගැනීමේ  පුවතක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ.
ඇය ගුරුවරියකි. ලෝබකම ඉහවහටත් උඩින්ය. මේ නිසා අලාබ විඳින්නට සිදු වූ අවස්ථා බොහෝය. එහෙත් මසුරුකමේ නම් අඩුවක් නොවීය.
පසුගිය දිනෙක ඇය බල මාළු ලොකු කුට්ටියක් මිලදී ගැනීමට මාළු වෙළෙඳසලකට ගියාය. මාළුවාගේ ඔළුව සහ වලිගය නැතිව මැද කොටස පමණක් ඇයට වුවමනා වූයේ ඔළුව සහ වලිගය සමග මාළු කූරියකු මිලදී ගතහොත් වැඩි මුදලක් ගෙවීමට සිදුවන හෙයිනි. ඇය මේ සඳහා උප්පැරවැට්ටියක් යෙදුවාය.
‘මුදලාලි මට මාළු කූරියගෙ මැද කොටස විතරක් කපල දෙන්න’ යැයි මාළු වෙළෙන්දාගෙන් ඉල්ලා සිටියාය.
‘අනේ මිස් එහෙමනම් කරන්න බැහැ. මිස්ට මාළු කූරියගෙ මැද කොටස දුන්නොත් ඔළුවයි වලිගයයි කාටද විකුණන්නේ.....?’
‘මුදලාලි මට කොහොම හරි ඕනෑ මැද කොටස විතරයි. ඔය බල්ලන්ට උයල දෙන්න කියලා බොරු කියමින් ඇවිත් ඉවත දමන කෑලි අරගෙන යන අයට විකුණන්න’ යැයි ඇය යෝජනා කළාය.
‘නෝනා එහෙම ඇවිත් අරගෙන යන අය ඕන තරම් ඉන්නවා. ඒ එන්නේ සල්ලි දීලා මාළු අරගෙන යන්න නොවෙයි නිකං උස්සාගෙන යන්නයි. එහෙම දුන්නොත් උන් අපේ මාළුත් කාවි’ මුදලාලි කීය.
‘එහෙම බැහැ... මට කොහොම හරි ඕනෑ...’ යැයි ඇය කීවාය. 
කෙතරම් ඇත්ත පහදා දීමට උත්සහ කළත් ඇයට එය වටහා ගැනීමට බැරි විය. මාළු මුදලාලිට ගණ දෙවි නුවණ පහළ විය.
මුදලාලි ලොකු මාළු කූරියකුගෙන ඔළුවට මාළු පෙති එක හමාරක පමණ වාසියක් තිබෙන සේ ඔළුව කපා ඉවත් කොට වලිගයටත් එසේ වාසියක් තිබෙන සේ කපා ඉවත් කරගෙන දී මාළු කූරියාගේ වටිනාකමටත් වඩා වැඩි මුදලක් අය කර ගත්තේය.
ඇය මුදල ගෙවා මාළු කෑල්ල පමණක් ගෙන යද්දී මුදලාලි ‘හැමදාම අඩු ගානට මාළු අරගෙන යන්න එනවාට අද හොඳ පාඩමක් මම ඉගැන්නුවා’ යැයි අල්ලපු මාළු ලෑල්ලේ මුදලාලිට කියමින් සිනාසුණේය.

 



අදහස් (1)

ලාබෙට මාළු කන්න ගිහින් මුදලාලි පාඩමක් උගන්වලා

himal Friday, 13 October 2023 10:19 AM

තමන්ගේ පාරිභෝගිකයා ‍රැවැට්‍ටුවා මදිවට ඒක හරි හපන් කමක් විදිහටත් ලියලා. ඔන්න ඕක තමයි මිනිස්සු සුපර් මාකට් වලින් බඩු ගන්න යන්න ඕන.

:       3       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site