(වියලුව වාර්තාකරු)
පවුලේ සමීප ඥාතියකුට ලොතරැයි දිනුමක් ඇදුණු බව දැනගැනීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජන කිරීමට රෝහල් ගතකර සිටි කාන්තාවක තම ශල්‍යකර්මයද අත්හැර දමා බලහත්කාරයෙන්ම රෝහලෙන් පැමිණි බව දැනගන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.

රෝගී තත්ත්වයකින් පෙළුණු ගම්බද කාන්තාවකි. ඒ සඳහා ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලැබුවේ පළාතේ ප්‍රධානතම රෝහලකිනි. ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ ශල්‍යකර්මයකි.
ඒත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ඇයට බලා සිටින්නට සිදු වූවේ පොරොත්තු ලේඛනය ඒ තරමටම දිගු එකක් වූ නිසාය.
ඇයට අවසානයේදී ශල්‍යකර්මය සඳහා දිනයක් නියම කෙරිණි. පසුගිය දිනෙක වෛද්‍ය උපදෙස් මත ඇය රෝහල් ගත වූයේ ශල්‍ය කර්මය සිදුකර ගන්නටය. රෝහල්ගත වූ ඇය පසුදින සිදුකෙරෙන ශල්‍යකර්මය සඳහා ද සූදානම් කෙරිණි.
එහෙත් ශල්‍යකර්මය පැවැත්වෙන දින උදෑසන ඇය බලන්නට පැමිණි ඇගේ සැමියාගෙන් ඇයට අසන්නට ලැබුණේ අපූරු පුවතකි. පවුලේ ළඟම ඥාතියකුට රුපියල් කෝටි ගණනක දිනුමක් ඇදී ඇතැයි යන්න එම පුවතයි.
‘‘මොන ඔපරේෂන්ද? මම නොගියොත් මගේ කොටසත් අරුන් බෙදාගනියි’’ පවුලේ ඥාතීන් කීප දෙනෙකුගේ නම් සිහිපත් කළ ඇය ශල්‍ය කර්මය පසෙක තබා රෝහලින් පිටව යාමට අවශ්‍ය බව කාර්යය මණ්ඩලයට කියා සිටියේ ලොතරැයි දිනුම ගැනද පවසමිනි. මුදල්වලට වඩා ශල්‍යකර්මය වටිනා බවත් යළි දිනයක් ලබා ගැනීම පහසු කාරණයක් නොවන බවත් එහි සිටි කාර්ය මණ්ඩලය දන්නා ශිල්ප දක්වමින් කියා සිටියද ඊට අවනත වූවේ ඇය නොවේ.
සියලු ලෙඩ රෝග සුව වූවාක් මෙන් ඇය කොට්ටයද කිහිල්ලේ ගසාගෙන සිය සැමියා සමඟ රෝහලෙන් පිටව යන අයුරු දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොතරැයි දිනුමක ආරංචියෙන් රෝගියාට සැත්කමත් එපාවෙලා