IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ලෙඞ්ඩුන්ගේ සල්ලි ගිලින රෝහල් බහිරවයෙක්

(වැල්ලවාය අයි.ආර්. ඉන්දික)
මෙම රෝහල ප්‍රධාන නගරයක් ආසන්නයේ ඇති ජනප්‍රිය රෝහලකි. දිනපතා විවිධ හේතුන් නිසා පැමිණෙන රෝගීන්ගෙන් අඩුවක් නැත.


 ඒ අතරතුර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලබන රෝගීන්ගෙන් මෙන්ම විවිධ අසනීප හේතුවෙන් ඇතුළු වන රොගීන්ගේ සාක්කුවලට බහින රෝහල් සේවකයකු හේතුවෙන් එම කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්ව ඇති පුවතක් වාර්තාවේ.


පසුගිය දිනෙක පැමිණි රෝගියකුගේ සාක්කුවෙන් කිසිවකු මුදල් සොරා ගන්නා බවක් දැනී ඔහු කෑ ගසා තිබේ. එවිට සොරාගත් මුදලින් කොටසක් ආපසු දී ඇති අතර පසුදිනක තවත් එවැනිම රෝගියකුගේ සාක්කුවේ තිබූ මුදලක් සොරාගෙන ඇත්තේ කිසිවකුටත් සැක නොහිතෙන පරිදිය. එහෙත් එය ද රෝහලේ වෙනත් සේවකයකු දැක තිබේ.


ඇතැම් අවස්ථාවල මෙම සේවකයා මෝචරියේ රාජකාරියට වැටෙන අතර එහිදී මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් පවා මුදල් ලබාගන්නා අවස්ථා ඇති බව ද රෝහල් සේවකයෝ පවසති.


මේ ගැන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අවස්ථා ගණනාවකදීම අවවාද කළ ද පලක්වී නැති බව රෝහල් සේවකයෝ පවසති. 


රෝහලේ කීර්ති නාමයට මෙවැනි පුද්ගලයන්ගෙන් දැඩි හානියක් සිදුවන බව ද රෝහල් සේවකයෝ කියති. 

 



අදහස් (0)

ලෙඞ්ඩුන්ගේ සල්ලි ගිලින රෝහල් බහිරවයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site