IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ලොකුදුවට 43 ක් වෙනකල් මවුපියෝ වංසෙ කබල් ගාලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ”‍ යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ මවුපිය යුවළකට ගැහැනු දරුවෝ දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණිය දැනට වයස අවුරුදු 43 කි. ඇය අවිවාහකය. බාල දියණියට අවුරුදු 36 කි.
43 හැවිරිදි වැඩිමහල් දියණිය වසර හයක කාලයක් යුරෝපා රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කරන කාලයේ දී කටුමැටියට තිබුණු මහ ගෙදර නිවස ඇගේ මුදල් වලින් නවීන පන්නයේ ආකාරයට ඉදි කෙරිණ. 
මෙම නිවසේ මවුපියන් සමග දියණියන් දෙදෙනා පදිංචිව සිටින අවස්ථාවේ දී වැඩිමහල් දියණිය අල්ලපු ගමේ සුළු වෙළඳාමක් සිදු කරන පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තාය. බාල දියණිය මුහුණු පොතෙන් දැරණියගල ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන මවුපියන්ගේ කැමැත්ත පරිදි විවාහ වී මනාලයාගේ දැරණියගල නිවසේ පදිංචියට ගියාය.


“නංගි යාන්තම් කොල්ලෙක් හොයාගෙන කසාදයක් බැඳලා ගියා. මම වයසට යනවා කසාදයක් කර ගන්න බැරි වෙයි ගෙදරත් කවුරුත් නෑ. “වැඩිමහල් දියණිය අල්ලපු ගමේ පදිංචිව සිටින සුළු වෙළෙන්දා විවාහ කරගෙන නිවසේ නතර කර ගැනීමට මවුපියන්ගෙන් කලකට ඉහත දී විමසුවාය. වැඩිමහල් දියණිය කළ ඉල්ලීම මවුපියෝ ඉවත දැමූහ.”‍ ඒ මනුස්සයා උඹට ගැළපෙන්නේ නෑ මහ බේබද්දෙක්”‍ යැයි මව කීවාය. 
“එහෙනම් හොඳ මනුස්සයෙක් හොයලා දෙන්න මගේ වයස දැන් 43 යි. වැඩිමහල් දියණිය කීවාය.”‍ අපට දැන් උඹට මනමාලයෝ හොයන්න බෑ වයසයි. ගැළපෙන කෙනෙක් ඈතකින් හොයා ගත්තා නම් හොඳයි. අපි දෙන්නත් තව එච්චර කාලයක් ඉන්නේ නෑ. මැරුණට පසුව උඹ තනි වෙනවා. උඹ දැන් ඔය හාදකම පවත්වන මනුස්සයාට අපි කැමැති නෑ. කසාද බැඳලා ‍මෙහේ නතර කර ගන්න හදන්න එපා”‍ යැයි මව පැවසුවාය.
“නංගිට කැමති එක කර ගන්න අම්මා ඉඩ හැරියා. මට ඕනෑ එක කර ගන්න දෙන්නේ නෑ. අම්මයි තාත්තයි ගෙදරට වෙලා ඉන්න. මම යනවා යන්න, යැයි පවසා වැඩිමහල් දියණිය ඉකුත් දා ඇඳුම් පැලඳුම් බෑගයක් ද සූදානම් කරගෙන නිවසින් බැස ගොස් ඇතැයි වාර්තා වෙයි.
දැනට මවුපියන් නිවසේ අසරණව සිටින බව වාර්තා වෙයි. කාන්තාව සුළු වෙළෙන්දා සමග කොළඹ ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින බවට වාර්තා වෙයි.



අදහස් (2)

ලොකුදුවට 43 ක් වෙනකල් මවුපියෝ වංසෙ කබල් ගාලා

Samila Friday, 15 November 2024 08:42 AM

අම්මලා තාත්තලා වුනත් අසාධාරණ හෝ ආත්මාර්ථකාමී වෙන්න හොඳ නෑ. අපි දන්නා කොල්ලෙක් කොරියාවේ දුක් වින්දා අම්මා තාත්තා වෙනුවෙන්. තට්ටු දෙකට ගේ හදලා මල්ලිටත් ඔලුව උස්සන්න පාර හැදුවා. කොල්ලා ලංකාවට ඇවිත් ඒ සමානම පවුලක කෙල්ලෙක් එක්ක යාලු වුණා. කරන්න පුළුවන් විරුද්ධ වැඩ ඔක්කොම කරලා බැරි තැන බඳින්න දුන්නා. ඊට පස්සේ දිගටම වෙනස්කම් කරලා මල්ලිට අයියා හදපු ගේත් එක්ක අනික් දේත් ලියා දීලා කරපු දෙයින් අයියා තමුන්ගේ බිරිඳ සහ දරුවන් සමඟ ටිකක් ඈතින් ගෙයක් හදාගෙන යන්න ගියා. ඊට පස්සේ තාත්තා මැරුණ මල්ලිටත් අයියා ගියා වගේ යන්න ඕන කියලා රට ගියා. දැන් අම්මා තනියෙන්. ලොකු පුතාට ගෙදරින් ගියා කියලා දොස් කියලා බැන බැන ඉන්නවා.

:       0       18

Lalla Sunday, 17 November 2024 12:16 PM

දුවලා ලවා සැලකුම් ගන්න සමහර දෙමාපියෝ ඔය කැත වැඩේ කරනවා. ඕනෑ නැති දේවල් හොයන්න ගිහින් දුවලා ගෙදරට නාකි කරනවා. මහා අපරාධයක්...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site