IMG-LOGO

ලොක්කාගේ හදිසි කැඳවීමෙන් නිලධාරියාට ගෙදර යන්න බැරි ප්‍රශ්නයක් මතු වෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
ආයතන ප්‍රධානියාගේ හදිසි රාජකාරියක් නිසා දවල් ආහාරයද ඒවා ගෙනා භාජනද නැතිව ගෙදර යන්නට සිදුවූ නිලදරුවකු බිරියට දෙන උත්තර සොයමින් පසවූ පුවතක් පසුගියදා කොලොම් තොටේ කාර්යාලයකින් අසන්නට ලැබිණි. 


නිවසේ සිට දිනපතා රාජකාරියට එන කොළඹ අග නගරයේ කාර්යාලයක සේවය කරන නිලදරුවෙකි. අලුයම අවදිවන බිරිය ඔහුට දිවා ආහාරය සකසා දීම සිරිතය. බත් හා ව්‍යංජන වෙන වෙනම අසුරා දීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය. ඒ සැමියාගේ දිවා ආහාරය ලබා ගැනීමේදී ඔහු තෘප්තිමත් කරන අදහසිනි. 


ප්ලාස්ටික් ඇසුරුමක බත් අසුරන අතර ව්‍යංජන කිහිපයක් පුංචි බෝතල්වල අසුරා හුරුබුහටි පාර්සලයක් සේ සකසා දෙන්නේ සැමියාටත් කරදරයක් නොවන පරිදිය. දිවා ආහාරය ගැනීමෙන් පසු ඒ සියල්ල සෝදා පිරිසුදුකර ආපසු අසුරාගෙන යාම සැමියාගේ සිරිත වූයේය.


පසුගිය දිනක දිවා ආහාරය ලබා ගනිමින් සිටියදී ඔහුට ප්‍රධානියාගෙන් හදිසි කැඳවීමක් ලැබිණි. උඩින් පල්ලෙන් ආහාරය ලබා ගත් හෙතෙම භාජන සියල්ල පසෙක තබා ප්‍රධානියා හමුවට ගියේ ඒවා පසුව සෝදා අස්කර ගන්නා අදහස ඇතිවය. 


ප්‍රධානියා හමුවීමෙන් පසු පැවැරුණු හදිසි රාජකාරිය ඉටු කර පැය කිහිපයකින් ඔහු කෑම කාමරයට ගියේ භාජන සෝදන අදහසිනි. 


එහෙත් ඔහුගේ සියලු බලාපොරොත්තු බීඳී ගියේය. තමන්ගේ භාජන එකක්වත් තිබූ තැන පෙනෙන්නට නැත. වට පිට බලද්දී සවස තේ සකසන කාන්තාව එහි ආයේය. ඇයි මහත්තයා ඇය විමසුවාය. ඔහු කාරණය කීවේය.


අනේ මහත්තයා මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම මෙතන තිබිච්ච ඒවා සේරම කසළ භාජනයට දාලා අස්කළා ඇය කීවේ බයාදු ගතියෙනි. ඔහු කසළ බදුන බැලුවේය. එකි නෙකාගේ ඉදුල් අතරින් තම බදුන් තිබෙනු ඔහු දුටුවේය.


මහත්තයා මම ඒවා අරගෙන දෙන්නද තේ සකසන කාන්තාව විමසුවාය. එපායි කී ඔහු ආපසු ගියේ ඒ ආකාරයේම බඳුන් කෙසේ සොයා ගන්නද මෙන්ම බිරියගේ ප්‍රශ්න පත්‍රයට දෙන උත්තර ගැන සිතමිනි.



අදහස් (2)

ලොක්කාගේ හදිසි කැඳවීමෙන් නිලධාරියාට ගෙදර යන්න බැරි ප්‍රශ්නයක් මතු වෙලා

Kuma Thursday, 19 March 2020 12:56 AM

ඉතින් ඕක ඔච්චර දඟලන්න දෙයක්ද ..අතේ තියන ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්නකෝ. ගිහින් පෙන්නන්න නෝනට .........අනේ මන්ද කොහොම රාජකාරි කරනවද කියලා.

:       0       21

imesh Friday, 20 March 2020 05:42 AM

මේක විශේෂයක් නැහැ නේ ??

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 181 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 98 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1698 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site