IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ලොක්කාගේ අලුත්ම මෝටර් රියට අමුතු ඇඳුමක්

තම ආයතන ප්‍රධානියා අලු‍තින් මිලදී ගත් මෝටර් රථය වටේට කොළ අතු එල්ලා සිය සතුට පළ කළ සේවක පිරිසක්  පිළිබඳ පුවතකි.


 සිද්ධිය මෙසේය.


එය  පළාතේ ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි.


 ලොකුකමින් හිස උදුම්මා නොගත් ආයතන ප්‍රධානියා එහි ඉහළම සේවකයාට මෙන්ම පහළම සේවකයාට ද සැලකුවේ තමන්ගේම සහෝදරයන්ට මෙනි.  


ඒ නිසාම එහි සියල්ලෝද  සිය ප්‍රධානියා සමඟ බෙහෙවින් කුලුපග වූ අතර ඔහුට ඉතා ආදරයෙන් සලකන්නටද වූහ.  


ඒ නිසාම  ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහු සමඟ විහිළු තහළු කරන්නට පවා පුරුදු වී සිටියේ ආයතන ප්‍රධානියාගේ නිලය පවා අමතක කරමිනි.


  පසුගිය දිනක ඔහු තමුන් සතුව තිබූ මෝටර් රථය විකුණා දමා අලු‍ත්ම වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ වැටුපෙන් ඉතිරිකරගත් මුදලක්ද ඊට යොදවමිනි.


  ආයතනය ඉදිරිපිට නවතා තිබූ සිය ප්‍රධානියාගේ අලු‍ත්ම අලු‍ත් මෝටර් රථය දුටු සේවක පිරිසක් ඔහුට විහිළුවක් කිරීමට සිතා මෝටර් රථයේ බඳ වටා  කොළ අතු ආදිය   එල්ලා සිය සතුට පළ කළේ ආයතනයේ සෙසු සේවක පිරිසද ඊට එක්කර ගනිමිනි.


     දෛනික කටයුතු නිම කළ ප්‍රධානියා  කිසියම් කටයුත්තක් සඳහා නගරයට යෑම සඳහා මෝටර් රථය අසලට පැමිණෙන විට එය කොළ පැහැති අතුවලින් වසා   තිබෙනු දකිද්දී ඔහුට  දෙලොව රත්වූයේ අලු‍ත්ම මෝටර් රථයට කිසියම් විනාශයක් සිදුව ඇතැයි සිතුණ නිසාය.


  එහෙත්   එය තම ආයතනයේම සහෝදර සේවක පිරිසගේ කවට කමක් බව ඔහුට වටහා ගැනීම එතරම් අපහසු නොවිණි.


‘‘උඹලා ඕනේ එකක් එල්ලු‍වට කමක් නෑ. හැබැයි පුතෝ ඕකේ අතු එල්ලන්න ගිහින් හීරුවොත්  නං මම නරකයි කියන්න එපා‘‘ යැයි සිනහ මුසු මුහුණින් පැවසූ ප්‍රධානියා කැලෑ අතු ටික එහාට මෙහාට තල්ලු‍ කර දමා සිය ගමන පිටත් වූයේ   ඈත සිට බලා සිටි සේවක පිරිසට සවසට හමුවෙමු යැයි හස්ත සංඥාවක්ද කරමිනි.

 

(වියලු‍ව වාර්තාකරු)

 



අදහස් (0)

ලොක්කාගේ අලුත්ම මෝටර් රියට අමුතු ඇඳුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site