IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රු. 430 ක එළවළු මල්ලක් සොරාගෙන උසාවිත් ගිහින්


කරාඹු ගෝනි දහයක් සොරා ගැනීමට පැමිණි දෙදෙනකු කරාඹු ගෝනි නොමැති නිසා එම වෙළඳසලේ තිබූ රුපියල් 430ක් වටිනා එළවළු මල්ලක් සොරාගෙන යාමේ සිද්ධියක් අරණායක පොලීසියෙන් වාර්තා වෙයි.


අරණායක පොලීසියට නුදුරු හැවිලිපිටිය නගරයේ වෙළෙඳ සළකට ඇතුළු වී ඇති සොරුන් දෙදෙනා එම වෙළෙඳසලේ හිමිකරුට අයත් කරාඹු ගෝනි දහයක් සොරාගැනීමට සැළසුම් කොට ඇත. එහෙත් වෙළෙඳසලේ හිමිකරු කරාඹු ගෝනි දහය එදින රාත්‍රියේම ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.


සොරුන් දෙදෙනා වෙළෙඳසලට ඇතුළු වී කරාඹු ගෝනි සොයා ඇතත් ඒවා නොමැතිවීමෙන් ආපසු හිස් අතින් යාමට නොහැකිකමට වෙළඳසලේ තිබූ එළවළු කිලෝ හතක් පමණ බෑගයකට දමා ගෙන ගොස් තිබේ. පසුව අරණායක පොලීසිය සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

(අරණායක - ප්‍රදීප් කුමාර ධර්මරත්න)

 



අදහස් (0)

රු. 430 ක එළවළු මල්ලක් සොරාගෙන උසාවිත් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site