IMG-LOGO

රිළවුන් පන්නන්න ඇටවූ උගුලට තමන්ම අහුවෙලා

රිළවුන් මට්ටු කිරීමට තම වෙළෙඳසලේ වහලය මත රිළා වෙස් මුහුණක් සහිත පඹයකු ඇටවූ ව්‍යාපාරිකයකුට රිළවකුගෙන්ම මට්ටු වීමට සිදුවූ අපූරු පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා විය.
කතාව මෙසේය.


අප කතා නායකයා වන මොහු ව්‍යාපාරිකයෙකි. හෙතෙම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ තම නිවෙස ආශ්‍රිතව පුංචි පහේ සිල්ලර කඩයක් ද පවත්වාගෙන ගියේය. ඔහුගේ ගම්මානය ආශ්‍රිතව රිළා උවදුරු තදින්ම තිබිණි. ඇතැම් තැන්හිදී වෙළෙඳසලට ද කඩාපාත් වූ රිළවුන් එහි බඩුමුට්ටුවලට ද හානි කළ අතර මෙය ව්‍යාපාරිකයාට මහත් හිසරදයක් වී තිබුණි. රතිඤ්ඤා ආදිය දල්වමින් රිළවුන් මට්ටු කිරීමට ඔහු වෙරදැරූ වාර ද අනන්තය. එහෙත් ඒ එකකිනිදු සිතැඟි ඉටුවුණේ ව්‍යාපාරිකයාගේ නම් නොවේ.


රිළවුන් බියගැන්විය හැකි වෙස්මුහුණු ගැන ඔහුට තොරතුරක් ලැබුණේ මේ අතරය. එය සාර්ථක ක්‍රමවේදයක් බව ද ආරංචි වූයෙන් නගරයට ගොස් වහ වහා වෙස් මුහුණක් මිලට ගැනීමට ව්‍යාපාරිකයා කටයුතු කළේය. සුපුරුදු පරිදි රිළවු ද ඒ ප්‍රදේශයට ඇදී ආහ. වෙස් මුහුණු දමාගෙන බියගන්වද්දී රිළවුන් පලායනයුරු දුටු ව්‍යාපාරිකයාට සතුටක් ද දැනුණි.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. නිතර දෙවේලේ කඩය අසලට එන රිළවුන් පැන්නීමට වෙස්මුහුණු පැළඳ එළිපෙහෙළියට යාම ඔහුට මහත් හිසරදයක් විණි. ඔහු අපූරු උපායක් කල්පනා කර මොහොතකුදු නොසිට එය ක්‍රියාත්මක කළේය.


ලට්ට ලොට්ට එකතු කර පඹයකු තැනූ ඔහු ඊට අදාළ වෙස්මුහුණ ද සවිකළේය. ඉනික්බිති එය කඩයේ වහලය මත සවිකළ හෙතෙම මින් මතුවට රිළා කරදර මතු නොවනු ඇතැයි සිතා සැනසුම් සුසුමක් ද හෙලූ මුත් පසුදා වනවිට සිදුව තිබුණේ අනෙකකි.


පසුදා වහලය දෙසට ඇස යොමුකළ ඔහුට පඹයා දැකගත හැකිවුණ ද වෙස්මුහුණ එහි නැති බව පෙනුණි. සිද්ධිය වටහාගත නොහී උඩ බිම බැලූ ඔහුට පෙනුණේ කඩයට නුදුරු රූස්ස ගසක් මුදුණේ සිටි රිළවකු විසින් කිසිත් මායිම් නොකර වෙස්මුහුණ කැබැලි කරමින් බිමට විසිකරන අයුරුය. රිළවුන් මට්ටු කිරීමට ඇටවූ උගුල අසාර්ථක වී ඇති බැව් ව්‍යාපාරිකයා තේරුම් ගත්තේය.

රිළවුන්ගෙන්ම මට්ටු වීමට සිදුවූ ව්‍යාපාරිකයාට ආවේ තද කේන්තියකි. ඒ සමග හීන් දාඩියක් ද වැටුණේ ඔහුටත් නොදැනීමය.
(අමිල දොළපිහිල්ල)



අදහස් (0)

රිළවුන් පන්නන්න ඇටවූ උගුලට තමන්ම අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site