IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුපියලේ පලහිලව්වෙන් ඉල ඇට කඩාගෙන

(තිහගොඩ උපසේන ලියනගම)
රුපියලේ කාසියක් නිසා මිනීමරා ගැනීමට තැත්කිරීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගම්මානයක සිට නගරයට දිවෙන මගම බසයකිනි.


බසයට නැඟගත් මගියකුට රුපියල් හතළිස් තුනක බස් ගාස්තුව සඳහා වූ ටිකට් පත ලබාදුන් කොන්දොස්තරට මගියා දුන්නේ රුපියල් හතළිස් දෙකකි. ඉතිරි රුපියල කොන්දොස්තර ඉල්ලුව ද මගියා එය ගණන් නොගෙන සිනාසුනේය. ‘‘මේකෙ යන හැම එක්කෙනාම රුපියලක් අඩුවෙන් දුන්නම අන්තිමට මට අතින් රුපියල් පනහක් හැටක් ගෙවන්න වෙනවා’’ කොන්දොස්තර කීවේ කෝපයෙනි.

ලජ්ජාවට පත් මගියා, කොන්දොස්තරට රුපියල් දෙකේ කාසියක් දුන්නේ ඉතිරි රුපියල තමාට ආපසු දෙන ලෙස ඉල්ලමිනි.


සිනාසුණ කොන්දොස්තර ආපසු හැරී යාමට සූදානම් වන විට මගියා කීවේ ‘‘මේ විදියට රුපියල ගානේ යටි මඩි ගැහුවාම දවසට සීයක් හමාරක් ගසා ගත හැකි’’ බවයි. මේ කතාවෙන් කෝපයට පත් කොන්දොස්තර ‘‘කට වැඩියි’’ කීවෙන් මගියා ඉදිරියට පැන කොන්දොස්තරට වැරෙන් පහරක් එල්ල කළ අතර, අනතුරුව මහා පොරබැදීමක් සිදුවිය.


මෙය මගීන්ට මහා කරදරයක් වුයෙන් තවත් මගියකු රුපියලක් අතට ගෙන කොන්දොස්තරට දී මේක එයාට දීල වැඩේ නවත්වනවා’’ කීමෙන් මේ අරගලය නැවතුණි.



අදහස් (0)

රුපියලේ පලහිලව්වෙන් ඉල ඇට කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site