(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන්ගේ හිතවතකුට උදව්වක් නොකළැයි කෝපයට පත් ව්‍යාපාරිකයකු ඔහු රාජ්‍ය ආයතනයකට පරිත්‍යාග කර තිබූ විෂබීජ නාශක කුටීයක් ගලවාගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය.
කොරෝනා වසංගතයත් සමග මෙම ව්‍යාපාරිකයා විසබීජහරණ කුටි නිපදවීමේ යෙදී සිටි අයෙකි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක් වෙත ඔහු සිය නිෂ්පාදන ලබාදී ඇත. මේ අතර එක් රාජ්‍ය ආයතනයකට ඔහු කුටියක් පිරිනැමූයේ නොමිලේය. ආයතන ප්‍රධානියා ස්තූති පූර්වකව එය බාරගෙන පාවිච්චි කරනු ලැබූයේ ජනතාවගේ ආරක්ෂාව සලසමිනි.
මාස දෙක තුනක් ගතවීය. පසුගිය දිනක ඉහත කී රාජ්‍ය ආයතනයෙන් පුද්ගලයකු කළ ඉල්ලීම නීතියට අනුව ඉටු කරන්නට බැරි තරම් බරපතළය. එහෙත් අදාළ පුද්ගලයා කෙසේ හෝ තම ඉල්ලීම ඉටුකර දෙන ලෙස බැගෑපත් වූයේය. එහෙත් ඒ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් නැති බව වගකිවයුතු නිලධාරීන් මේ පුද්ගලයාට දැන්වූයේ වෙනත් කළ හැකි දෙයක් නැති නිසාය.
මේ ඉල්ලීම කළ පුද්ගලයා පෙර කී විෂබීජහරණ කුටි නිෂ්පාදකයාගේ ද හිතවතෙකි. ඔහුට මේ සිද්ධිය ආරංචි වූයේ මේ අතරය. ව්‍යාපාරිකයා ද රාජ්‍ය ආයතනයෙන් සිය මිතුරාට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. අදාළ නිලධාරීන් ඔහුට ද මේ ඉල්ලීම තම ආයතනයට ඉටු කරන්නට හැකියාවක් නැති බවට කරුණු සහිතව පෙන්වා දුන්නත් ව්‍යාපාරිකයා ඒ බව පිළිගන්නට මැලි විය.
“මම දුන්න විෂබීජහරණ කුටිය අරගෙන යනවා”යි ගෝරනාඩු දෙමින් සගයකුට එය ගලවන ලෙස ඔහු උපදෙස් දෙනු ලැබීය. නිලධාරීන් පැවසුවේ ආයතන ප්‍රධානියාට දන්වා එය රැගෙන යන ලෙසයි. එහෙත් කිසිසේත්ම ඔවුන් කරන ඉල්ලීම ඉටු කරන්නට හැකියාවක් නැති බව දන්වන්නට තරම් රාජ්‍ය නිලධාරීහු එඩිතර වූහ.
“මම උදේම එනවා”යි කියා ව්‍යාපාරිකයා පිටව ගියේය. කුටිය ගලවාගෙන යන්නට එන ව්‍යාපාරිකයාට ඒ සඳහා සහාය දෙන්නටත් මෙතෙක් එයින් ලබාගත් සේවය වෙනුවෙන් ස්තූතිය පළ කරන ලිපියක් ලබා දෙන්නටත් රාජ්‍ය ආයතනයේ නිලධාරීහු සැදී පැහැදී බලා සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යාළුවාට උදව් නොකළාට මළපැන විෂබීජ නාශක කුටිය ගලවාගෙන යන්න හදලා