(උණවටුන ඩී.ජී. සුගතපාල)
පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීමෙන් පසු ගාල්ල
නගරයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. ගාල්ල පොලිසිය අවට ද කොටුවට පිවිසෙන මාර්ග ද කළුවැල්ල ප්‍රදේශය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව යොදවා තිබිණ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් ද දක්නට ලැබිණ.
රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාව ද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගනු ලැබීය. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක් ද සිටිති. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් සිටියේය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.
ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වී නැත. පසුව ආරක්ෂක නිලධාරින්ගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඔහු පොලිසියට කැඳවාගෙන ගියේය. එහිදී ඔහුගේ බෑග් ඇතුර්‍ළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක්කළේය. පොලිස් නිලධාරින්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය.
2025 ඔක්තෝබර් මස 08
1711
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යාචක බෑගය දැක පොලිසියේ ඇස් උඩ ගිහින