IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යාචක කතගේ අනියම් පෙම හෙළිවී හිඟමනත් එපාවෙලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )
නගරයේ සිඟමන් යැදීමට පැමිණි තරුණ කතක් කී කතාවෙන් ව්‍යාපාරිකයාටද,  අසල සිටි පිරිසටද, සිනාව පාලනය කර ගැනීමට නොහැකි වීමේ පුවතක් නිකවැරටිය නගරයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය. තුවාලයක් සහිත කකුලද කොරගසමින් ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාව ව්‍යාපාරිකයා ඉදිරියේ තම දුක් ගැනවිල්ල දිග හැරියාය.


‘‘මගේ මහත්තයා මාව දාල ගිහින් දැන් මාස තුනක්. ජීවත් වෙන්න විදියක් නෑ. අපිට කන්න බොන්නවත් නෑ. පොඩි ආධාරයක් කරන්න පිං සිද්ධ වෙනවා”‍යැයි කීවාය.


උදේ සිටම මෙවැනි අාධාර ලබා දී  හෙම්බත්ව  මල පැන සිටි මුදලාලි තරුණ කාන්තාව අමතා මෙසේ  කීය.
‘‘නිකං බොරු කියන්න එපා. මහත්තයත් එක්ක නේද ආවේ...මං දැක්කනේ උදේ දෙන්නත් එක්ක එනවා.”‍ එවිට යාචක කත ඇත්තම කියා ආධාරයක් ඉල්ලු‍වාය.


ඒ මගේ මහත්තයා නෙමෙයි. මම  යාළුවෙලා ඉන්න එක්කෙනා. එයා අරෙහෙ ඉන්නවා. මේ ඇත්තමයි මම කීවේ”‍
එය ඇසූ සැනින් ව්‍යාපාරිකයා මෙන්ම අසල සිටි පිරිස්ද සිනා සෙන්නට වූයෙන්, ආධාරද පසෙක තබා යාචක කත පල්ලම් බැස්සේලු‍.


 “ඇත්තම කියපු නිසා කීයක් හරි දෙන්නයි තිබුණේ”‍ යැයි ව්‍යාපාරිකයා කීවේලු‍.



අදහස් (0)

යාචක කතගේ අනියම් පෙම හෙළිවී හිඟමනත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site