IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාළු ලොරියේ ගෝරිය බේරන්න කතක් පිරිමි දෙන්නකුට කොසු පහරදීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජංගම මාළු වෙළෙඳාමේ නිරත ලොරියක රියැදුරා හා ගෝලයා එකිනෙකාට පහරදී ගනිද්දී මාළු මිලදී ගැනීමට ආ කාන්තාවක කොස්සකින් පහරදී දෙදෙනා දෙපැත්තට කළ පුවතක් මීරිගම ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.


කොරෝනා සමයේ ආරම්භ කෙරුණු මාළු වෙළෙඳාම දිගටම පවත්වාගෙන යාමට ලොරි හිමියා කටයුතු කළේය.  තමන්ට ඒ සඳහා දිගටම යෙදීමට අපහසු බැවින් රියැදුරකු යෙදවීමට පියවර ගත්තේ තමන්ගේ ගෝලයා සමගය.


වෙළෙඳාමේ ගිය අවස්ථාවේ ලොරිය නවතා තිබියදී රියැදුරා කිසියම් අවශ්‍යතාවකට ලොරිය පිටුපසට ධාවනය කළේය. ගෝලයා කෑ ගසා කීවේ නතර කරන ලෙසයි. ඒ පිටිපස මාළු මිලදී ගැනීමට ආ කාන්තාවක මාළු තෝරමින් සිටි නිසාය. ගෝලයාගේ කෑගැසීමෙන් කෝපයට පත් රියැදුරා බැස ආවේ පොල්ලක්ද ඇතිවය.


ඔහු ගෝලයාට පහර කීපයක් එල්ල කළේය. ඉන් බේරීමට ගෝලයා කළේ රියදුරාගේ අත සපා කෑමය. දෙදෙනා පොර බදමින් සිටියදී මාළු මිලදී ගැනීමට ආ කාන්තාව ගෙතුලට දිව ගියාය. ඇය ආවේ කොස්සක් අතැතිවය. දෙදෙනාටම කොස්සෙන් පහර දුන්නේ රණ්ඩුව බේරා ගන්නටය. ඒ සමගම රණ්ඩුව නැවතිණි. රියැදුරා ගියේ ලොරිය එතැනම තිබියදීය.


මාළු වෙළෙඳාමද දින කිහිපයක් නවතා දැමීමට සිදුවූයේ රියැදුරකු සොයා ගන්නාතුරුය. රියැදුරා රැකියාවක් නැතිව බලා සිටියදී ගෝලයා යළිත් වෙනත් රියැදුරකු සමග දැන් වෙළෙඳාම ආරම්භ කර ඇතත් එදා සිද්ධිය වූ කාන්තාවගේ නිවස පැත්තට යාමට අදිමදි කරමින් සිටී.



අදහස් (2)

මාළු ලොරියේ ගෝරිය බේරන්න කතක් පිරිමි දෙන්නකුට කොසු පහරදීලා

bongo Friday, 21 August 2020 09:17 AM

මේ නැන්දාට.., බලපත්‍රයක් සමග ආයුධයක් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

:       0       48

rathnasekaraMonday, 24 August 2020 07:38 PM

බලපත්‍රයක් සමඟ කොස්සක් දෙන්න ඕනෙ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site