(හසලක වාර්තාකරු)
වල් අලි ගම්වැදීම නිසා මේ දිනවල හසලක ප්‍රදේශයේ ගම්මානවල ජන ජීවිතයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබුණත් ඒ ආශ්‍රිතව ගමේ කඩපිලෙන් ඇසෙන වල් අලි කතා සිනහ උපදවන සුළුය.
මෙහි කතානායකයා මහියංගන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන හතළිස් දෙහැවිරිදි තිදරු පියෙකි. ඔහු පදිංචිව සිටින්නේ ද වල් අලි ගම් වදින ප්‍රදේශයකය. ඒ නිසා මොහු ද නිතරම කල්පනා කරමින් සිටිනුයේ තම නිවසට, ගෙවත්තට හෝ පවුලේ කෙනෙකුට කොයි මොහොතේ වල් අලියෙකුගෙන් හානියක් වේදෝයි සිතමිනි.
මොහුගේ රාජකාරි වැඩමුරය නිමා වන්නේ සවස හතට පමණය. වැඩමුරය නිමා වූ වහාම කිසිදු ස්ථනයක රැඳී නොසිට සිය යතුරුපැදියෙන් කෙලින්ම එන්නේ නිවහන කරාය. ඒ සවස 6 න් පසුව තම ගම්මානයේ මේ දිනවල වන අලි ගැවසීම හේතුවෙනි.
සුපුරුදු පරිදි මොහු සවස වැඩමුරය නිමා වී යතුරුපැදියෙන් රාත්‍රියේ නිවස බලා ගමන් කරමින් සිටියේය. යෝධ ඇළ මාර්ගයේ ගමන් කරමින් සිටින විට එක්වරම ඉදිරියෙන් දිස් වූ දෙයින් ඔහුගේ ගත සිත සලිත විය. ඇඟේ හිරිගඬු පිපුණි. ඉදිරියෙන් පැමිණෙන්නේ දැවැන්ත අලියෙකු බව යතුරුපැදියේ විදුලිපහන් ආලෝකයට පෙනුණි. සිත සිතා සිටීමට අවස්ථාවක් නැත. වහා යතුරුපැදියේ තිරිංග තදකර යතුරුපැදිය නවත්වා එය පෙරළා දමා අසලින් ගලා බසින යෝධ ඇළට පැන්නේ ඇළෙන් එගොඩ වී වන අලියාගෙන් බේරීම සඳහාය.
රාත්‍රී 12 ට පමණ සිය සැමියාගේ නිදන කාමරයෙන් ‘දඩාස්’ ගාන ශබ්දයක් ඇසුනෙන් බිරිය අවදිව සැමියාගේ කාමරයට වහා දිව ගියේ ඔහුට යම් කරදරයක්වත් සිදුවුණා දැයි සිතමිණි. මොහුට පියවි සිහිය ආවේ සිය බිරිඳ පැමිණ ‘ඒයි ඒයි මොකද වුණේ’ කියා විමසමින් ඒ වෙන විටත් බිම වැටී සිටි ඔහුට නැගිටින්නට සහාය වූ අවස්ථාවේය.
බිරියගේ එම කතාවත් ඇගේ සහයාත් හේතුවෙන් තමන් මේ දැක ඇත්තේ සිහිනයක් බවත් අලියාගෙන් බේරීමට ඇළට කියා පැන ඇත්තේ ඇළට නොව ඇඳෙන් බිමට බව වැටහීමෙන් අනතුරුව සිද්ධිය බිරිඳට ද පැවසූයෙන් ඔහුට මෙන්ම බිරියට ද හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහ රෑ අලියකුට බියවී ජංජාලයක්
asanka Friday, 09 October 2020 10:28 AM
මෙය හාස්‍යජනක දෙයක් ලෙස පෙනුණත්, මෙයින් ගම්‍ය වන දෙයක් නම් අද රටේ සමහර ප්‍රදේශවල මිනිසුන් වන අලින්ට බියෙන් ජීවත්වන ආකාරයයි. එබැවින් මේ ප්‍රශ්නය තවත් ඔඩු දුවන්නට පෙර, ගම් වදින වල් අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.