IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මුහුණු පොතේ රිංගු ලේලිය නැන්දම්මා ළඟ වැඳ වැටිලා

මධ්‍යම රාත්‍රියේ මුහුණු පොත පුරා සැරිසරමින් සිටි කාන්තාවකගේ දුරකතනය නිසා ඇයගේ සිඟිති දරුවාගේ ජීවිතයට වෙන්න ගිය විපතක් තම නැන්දම්මාගේ අවධානයෙන් වැළකී ගිය පුවතක් වයඹ පළාතෙන් වාර්තා වේ.


ඇය සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ රූමත් තරුණියකි. නිතරම මුහුණු පොතේ සැරිසරමින් කාලය ගත කරන්නීය. බස් එකේ ගියත්, දුම්රියේ ගියත් මේ පුරුද්ද අතහැරියේම නැත.


ඇයගේ මේ හැසිරීම් නිසා කාර්යාලයේ ලොක්කන්ගෙන් බැණුම් අහපු වාර අනන්තය. කාලයක් ගිය පසු මුහුණු පොතේ සැරිසැරූ තරුණයකු සමග හාද වී විවාහ විය. මේ තරුණයා ආරක්ෂක අංශයක සේවය කළේය. ඔහු ද ඇයගේ මේ දුරකතනයේ එල්ලී සිටීමේ පුරුද්දට අවවාද කර තිබුණි. මෙසේ කාලයක් ගත වන විට ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයගෙත් දරුවාගෙත් සියලුම කටයුතුවලට නැන්දම්මා හරියට උදව් කළාය. මේ ලැබුණු නිදහස තුළින් ඇය කාලය ගත කළේ මුහුණු පොතේ සැරිසැරීමටය. 


එහෙත් නැන්දම්මා “දුවේ මේ දරුවා බලාගෙන ඉන්න ඔය දුරකතනය පැත්තකට දාලා” යනුවෙන් නිතරම ඇයට අවවාද කරන්නීය.


නැන්දම්මා කොතරම් අවවාද කළත් වැඩක් නැත.  ඒනිසා ඇය දරුවා ගැන ඇස ගසාගෙන සිටියාය. දිනපතාම දෙදෙනා නින්දට යනතුරු අවධානයෙන් සිටියාය.


පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ අවදි වූ නැන්දම්මා ලේලිය නිදා සිටි කාමරය දෙසට සෝදිසියෙන් පියමැන ඇත්තේ පුතා ද එනතුරු සිටින නිසාය. දෙදෙනා දෙස ළංවී බලන විට ඇය දැක ඇත්තේ මිනිපිරියගේ මුහුණ අසලින් එළියක් විහිදෙන බවයි. පසුව සෝදිසි කර බලන විට දැක ඇත්තේ එය ජංගම දුරකතනයක් බවයි. ඇයට දෙවියෝ සිහිවිය. තමා නාව නම් දුරකතනය මිනිපිරියගේ මුහුණට සිරවී ඇයට කරදරයක් වීමට ඉඩ තිබූ බව ඇයට වැටහුණි. ඇය දුරකතනය රැගෙන ලේලිය අවදි කළාය.


හීනෙන් මෙන් අවදි වූ ලේලිය දුරකතනය සොයන්නට වූවාය. මේ විකාර රංගනය දුටු නැද්දම්මාට යකා නැග එය පොළොවේ ගසා මහ හයියෙන් ලේලියට බැණවැදුණාය. ඉකිබිඳීම් මධ්‍යයේ ලේලියට මැවී පෙනුණේ සැමියාගේ තරහ ගිය මුහුණයි.


තමාගේ මේ ඉවක් බවක් නැති මුහුණු පොතේ සැරිසැරිල්ල නිසා තම දියණියගේ ජීවිතයට හානියක් නොවී බේරාදීම ගැන වැඳ වැටෙමින් පිං දී ඇත්තේ තම නැන්දම්මාටය.
බන්දුල පතිරණ



අදහස් (2)

මුහුණු පොතේ රිංගු ලේලිය නැන්දම්මා ළඟ වැඳ වැටිලා

sana Saturday, 20 April 2019 07:37 AM

මෙතන වැ‍රැද්ද දුරකථන භාවිතයේ නොසැලකිල්ල. දවසට කෝල් දෙක තුනක් පමණක් ගන්නා අයෙකුට වුවත් දරුවෙකු අසල දුරකථනය අතපසු වුවහොත් මෙවැනි දෑ විය හැකියි.

:       41       9

GGNT Thursday, 25 April 2019 05:09 AM

අනේ ඉතින් ලේලිට මේ තුන් සරණේ සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site