IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුව මස් කියා රු 18000 ක්දී අමුතුම විදියේ කෑමක් අරගෙන

හිඟුරානේ නවරත්න සමරතුංග සහ දිගාමඩුල්ල විශේෂ ඥානසිරි හෙට්ටිආරච්චි
මුව මස් කියා රුපියල් 18700ක් වියදම් කර අමුතුම ‘කෑමක’ කිලෝ විස්සක් මිලදී ගත් සිද්ධියක් අම්පාරෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


එක්තරා ප්‍රසිද්ධ මංසන්ධියක පිහිටි වෙළෙඳ සලකට පැමිණි තරුණයන් දෙදෙනෙක් එහි අලෙවි කිරීමට තිබුණ පිහියක් මිලදී ගැනීම සඳහා මිල විමසූහ.


පිහියක මිල රුපියල් 1300 බව මුදලාලි පැවසුවෙන් එය මිලදී ගැනීමට කැමැත්ත පළකළ තරුණයින් දෙදෙනා තමන් සතුව මුවමස් කිලෝ විස්සක් ඇති බවත් කිලෝවක් රුපියල් 1000 කට අලෙවි කරන බවත් පැවැසුවේ ඉතා විශ්වාසවන්ත අයුරෙනි.


පිළිතුරක් දීමට මුදලාලි මදක් කල්පනා කරනු දුටු ඔහුගේ ගෝලයා මස් කිලෝවක් රුපියල් 1500කට අලෙවි කළ හැකි බව පැවැසීය.


ඒ අනුව මස් තිබෙන ස්ථානය විමසූවිට  එම ස්ථානයේ සිට කිලෝමීටර් 10 ක පමණ දුරින් පිහිටි තවත් ප්‍රසිද්ධ මංසන්ධියක නම පැවසීමෙන් පසුව ගෝලයාත්, තරුණයන් දෙදෙනාත් ඔහුගේ වෑන් රියේ නංවාගෙන එම මංසන්ධියට පැමිණියේය.


ඉන් පසුව තරුණයෝ දෙදෙනා රියෙන් බැස මුව මස් රැගෙන ඒම සඳහා ඒ අසල ස්ථානයකට දුවගොස් ‍පොහොර උරයක් කර තබාගෙන වෑන් රිය ළඟට පැමිණියහ. 


පොලීසිය එන්නට ඉඩ ඇති බව සිතූ මුදලාලි මස් නරක්වී ඇද්දැයි කඩිනමින් පරීක්ෂා කරන ලෙස ගෝලයාට පවසද්දී  ඔහු මස් උරය පිටතින් මිරිකා ඔබා බලමින් ඒවා නරක් වී ඇද්දැයි නාසයටද ළංකරමින් ඉඹ බලා ‘මස් ටික නරක්වී නැතැ’ යි සහතික කළේය. 


ගැන බලන විට කිලෝ එක බැගින් යුත්  ‍පොලිතින් උර විස්සක් පොහොර උරයේ තිබී ඇත.  


ඉන් පසුව මුදල් ගනුදෙනුව කඩිනමින් සිදුකරමින්  පිහියේ වටිනාකම අයකළ  මුදලාලි රුපියල් 18700/-ක් ඔවුන්ටදී නැවත තම වෙළෙඳසලට පැමිණ  වෑන් රිය නිවස පිටුපස නතර කළේය.


පසුව මස් තොගය ශීත කරණයේ දැමීමට පරීක්ෂා කරද්දී අමු කෙසෙල් පතුරු පදමට තලා ඒවා කි‍ලෝ එක බැගින් පොලිතින් උරවල අසුරා තිබෙනු දුටු ගෝලයා ඒ බව මුදලාලිට කීය. 


මෙය පොලීසියට කීමටද නොහැකි  සිද්ධියක් වූයෙන් කිසිවකුටවත් හෙළි නොකරන ලෙස මුදලාලි ගෝලයාට පැවැසුවත්ඔ හු පසුගියදා මීවිතෙන් සප්පායම් වූ කසිප්පු තිප්පොළකදී මේ ගැන කීප ‍දෙනකුට පවසා තිබිණි.



අදහස් (2)

මුව මස් කියා රු 18000 ක්දී අමුතුම විදියේ කෑමක් අරගෙන

ganegoda Thursday, 29 December 2022 11:57 AM

මේ විදිහටම රට පුරාම මුවමස් බෙදාහැරියොත්, අපේ රටේ මස් කන එක සදහටම නැවතිලා යයි නේද?

:       0       6

Perera Thursday, 29 December 2022 06:32 PM

ගම්වල ඉන්න බොහෝ දෙනා ඔහොම පහසුවෙන් රවට්ටන්න පුළුවන්... දේශපාලුවන් ඒ බව හොඳින්ම දන්නවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site