IMG-LOGO

මවට ලැබුණු බත්මුලේ සුවඳට දරු කැක්කුම මතක නැතිවෙලා

(සිටිනාමළුව - අනීශා මානගේ)
බත් මුලෙහි සුවඳ දැනුණ විට දරු කැක්කුම අමතක වූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලකි. කුඩා දරුවා පෙර පාසල් වියෙහි පසුවෙයි. දරුවන්ගේ පියා ඔහු සේවය කරන කාර්යාලයට දිනපතා යාම හේතුවෙන් දරුවන් තිදෙනාට ආහාර පාන සපයා දීම ආදී දරුවන්ගේ සියලු වැඩ කටයුතු සිදුකරන්නේ ඔවුන්ගේ මවය.


කුඩා දරුවන් සිටින මේ නිවසේ අය සහ අසල්වැසි නිවෙසක සිටි අය කාලයක සිට දැඩි මිතුරුකමක් දැක්වූ නිසා විශේෂ අවස්ථාවල දී ආහාර පාන හුවමාරු කර ගැනීම සිරිතක් විය. ගැබිනි මවුවරුන්ට දානයක් දීමට අසල්වැසි නිවැසියන්ට සිත් පහළ විය. විශේෂ ආහාර පාන වර්ග පිළියෙළ කළ නිසා තම අසල්වැසි නිවසේ දරුවන් තිදෙනාට ද බත් මුලක් දීමට ඔවුහු තීරණය කළහ. එදින පාසල් පැවැත්වූ දිනයක් හේතුවෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා පාසලට ද කුඩා දරුවා පෙර පාසලට ද ගොස් තිබිණි. 


දරුවන්ගේ මව දිනපතා පෙරපාසලට ගොස් කුඩා දරුවා රැගෙන එන අතර ඒ අතරමඟදී අසල්වැසි නිවසේ මිත්තණියගෙන් දරුවන් තිදෙනාට බත් මුලක් ලැබුණි.


බත් මුලත් අතැතිව නිවෙසට පැමිණි මවට එහි සුවඳ දරාගත නොහැකි විය. ඇයට සිතුනේම බත් මුලේ රස බැලීමටය. කුඩා දරුවා ද සමඟ ඇය එය රස විඳින්නට වූවාය. වැඩිමහල් දරුවන් දෙදෙනාට බත් ඉතුරු නොවීය. මේ හේතුවෙන් හනි හනිකට කඩයට දිවගොස් පාන් රාත්තලක් ගෙන ඒමට ඇයට සිදුවිය.


පාසල ඇරී පැමිණි දරුවන් දෙදෙනා මේ කිසිත් නොදැන එදා දහවලට පාන් අනුභව කළෝය.


පසුදින යළිත් පාසලට යන වැඩිමහල් දරුවන් දෙදෙනාට අසල්වැසි නිවසේ මිත්තණිය හමුවූ විට ඇය විමසුවේ “බත් මුල කෑව ද පුතේ  කොහොමද රසට තිබුණාදැයි” යන්නයි. දරු දෙදෙනා උඩ බිම බැලූහ. සිදුවී ඇත්තේ කුමක්දැයි ඔවුන්ට තේරුමක් නොවීය. “ඊයේ අපි දවල්ට කෑවේ පාන් නේ ආච්චි අම්මේ” යැයි ඔවුහු කීහ.


සිදුව ඇත්තේ කුමක්දැයි මිත්තණියට තේරුම්ගත හැකි වුවත් ඇය මේ ගැන දරුවන්ගේ මවගෙන් අහන්නට නොගියාය. දරු තිදෙනාට දුන් බත් මුලෙහි සුවඳ නිසා ඇයට දරු කැක්කුම අමතක විය.



අදහස් (0)

මවට ලැබුණු බත්මුලේ සුවඳට දරු කැක්කුම මතක නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site