IMG-LOGO

‘මල් කඩන්න’ ගිහින් අඟුරු රොටි කන්න වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
ජංගම දුරකතනයෙන් තම ආදරවන්තයා සමඟ දිගු ප්‍රේම සල්ලාපයක යෙදුණු දුවකට අම්මා විසින් ‘‘අඟුරු රොටියක්’’ කෑමට දීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි.


මේ දියණිය අගනුවර පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අතර ගමට ආවේ සති අන්තයේ හෝ පෝ දිනවලය.


ඇය එසේ ගෙදර පැමිණි දිනක මව උදෑසන ආහාරය සඳහා රොටි සකස් කර ලුණු මිරිසක් සමඟ රොටි හේනේ වැඩ කරන සැමියාට දීමට සැරසුනාය.


‘‘දුවේ මම තව රොටි ටිකක් හදල ඇති එකක් ළිපේ ඒක බලා ගනින්  කියා දුව කැඳවා එම කාර්යය පැවරූ ඇය කඩිනමින් මේ ගමන ගියාය.


ආපසු එන විට දුව තම ආදරවන්තයා සමඟ දීර්ඝ දුරකතන සංවාදයක යෙදී සිටින බව ජනේලයෙන් දැක ඇය කුස්සිය පැත්තට ගියාය.


ඇයට දෙවියන් සිහිවිය. ලිපේ වූ තැටිය ගිනියම් වී තිබූ අතර රොටිය සම්පූර්ණයෙන්ම අඟුරු බවට පත්ව තිබිණ. කරුණු තේරුම් ගත් මව ලිප නිවා දමා අඟුරු රොටිය බෙලෙක් පිඟානකට දමා ගෙන දුව අසලට ගොස් ‘‘ඔය සල්ලාපයෙන් ටිකක් හලාගෙන මේකත් කාපන්’’ කීවේ දැඩි කෝපයෙන් ලු.

 



අදහස් (0)

‘මල් කඩන්න’ ගිහින් අඟුරු රොටි කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site