(හසලක සුනිල් ඒකනායක)
කාන්තාවන් දෙදෙනකු රැගෙනවිත් තිබූ මල් පොකුරු දෙකක් නිසා වෙන්නට ගිය මහ විනාශයක් ගැමියන් කිපදෙනකුගේ මැදිහත්වීමකින් වැළකී ගිය පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ගමකින් වාර්තා විය.
ගමේ සුබසාධනය වෙනුවෙන් ගමේ පිරිස එකතුව ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙහි සාමාජික සාමාජිකාවන් මාසයකට වරක් ප්‍රජාශාලාවට එක්වී ඉදිරි වැඩසටහන් ගැන සාකච්ඡා කරන්නේ ගමේ ප්‍රගතිය වෙනුවෙනි.
මෙදිනද පෙර පරිදි රැස්වීම සඳහා ඇය පැමිණෙන විට ප්‍රජාශාලාවේ සාමාජික සමාජිකාවන් කීප දෙනකු පමණක් සිටි අතර සාමාජිකාවක් රැගෙන ආ මල් පොකුරක් සභාපතිවරයා මූලාසනය දරන මේසය මත තිබූ මල් පෝච්චියට දමා එය ලස්සනට සකස් කර නැවත විනාඩි කිපයකින් පැමිණෙන බව හිතවතියකට පවසා ශාලාවෙන් පිටව ගියාය.
ඇය ගොස් විනාඩි කිපයකින් වෙනත් සාමාජිකාවක් පැමිණ ඇයද රැගෙන ආ මල් පොකුර තැබීමට මල්පෝච්චිය සොයා බලනවිට එහි මල් පොකුරක් තිබෙනු දැක එය එයින් ඉවත් කර පසෙකට විසිකරදමා තමන් රැගෙන ආ මල්පොකුර පෝච්චියේ තැබීමට කටයුතු කළාය.
සභාපතිවරයාගේ පැමිණීමත් සමග රැස්වීමේ වැඩකටයුතු ආරම්භ විය. ගතවූයේ තවත් විනාඩි කිපයකි. පළමු මල් පොකුර තැබූ සාමාජිකාව නැවත රැස්වීම් ශාලාවට පැමිණි විට ඇයට දැක ගන්නට ලැබුණේ දැනට විනාඩි කීපයකට කලින් තමන් රැගෙනවිත් මල් පොච්චියේ දැමූ මල් පොකුර ශාලාවේ පසෙකට විසිකර දමා බිමවැටී ඇති බවයි.
මෙයින් උරණ වූ ඇය එක්වරම ශාලාවට කඩාවැදී මේසය මත තිබූ මල්පොච්චියේ තිබූ මල්පොකුර ඉන් ඉවත්කර පිටතට වීසිකර තමන් රැගෙනවිත් දැමූ මල් පොකුර එළියට විසිකළේ කවුදැයි කියා විමසා තිබේ.
එවිට සාමාජිකයකු පැවසුවේ අසවල් කෙනා ඒ ක්‍රියාව කළ බවයි. ඒ සමගම මල් පොකුර විසිකළා යැයි පැවැසූ සාමාජිකාව වෙත වේගයෙන් දිව ගිය ඇය එම සාමාජිකාවගේ කෙස්වැටියෙන් අල්ලා “මොකද්ද යකෝ මේ කරපු පාහර වැඩේ.” යැයි කියමින් ඇයට පහර දෙන්නට වූවාය.
අසල සිටි සාමාජිකාවන් කිපදෙනකු වහා මැදිහත් වී ගැටුමේ පැටලී සිටි කාන්තාවන් දෙදෙනා පසෙකට කර වෙන්නට ගිය මහා ගැටුමක් නතර කිරීමට පියවර ගත් අතර පසුව සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මැදිහත් වී ඔවුන් දෙදෙනාගේම කරුණු විමසා දෙදෙනාටම උපදෙස් දීමෙන් පසු සිද්ධිය සමථයකට පත්විය.
2025 නොවැම්බර් මස 21
284
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මල් පොකුරකට ගෑනු ගහගෙන
kapila Thursday, 22 April 2021 11:21 AM
මෙවැනි දේට ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ ඇති නූගත්කම සහ මාන්නයයි.