IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මල්ලි අයියාටත් පොල්ලක් තියා පැනලා

(උණවටුන ඩි.ජී. සුගතපාල)

හබරාදුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු ළඟ මාතලේ ප‍්‍රදේශයේ පදිංචි අයිය මලෝ දෙදෙනෙක් සේවය කළහ. අයියාගේ සේවය ගැන පැහැදී සිටි ව්‍යාපාරිකයා ඔහුට යතුරුපැදියක් ගෙනදීමට තීරණය කළේය. එසේ තීරණය කළේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු ද පහසුවෙන් කර ගැනීම සඳහාය.

එනිසා ව්‍යාපාරිකයා අයිය මලෝ දෙදෙනා ද මෝටර් රථයේ නංවාගෙන ගාල්ල නගරයට ආවේ අයියාට යතුරුපැදියක් ගෙන දීමටය. යතුරුපැදිය මිලදී ගැනීම සඳහා ගෙනා රුපියල් දෙලක්ෂයක් සහිත පසුම්බිය මෝටර් රථයේ කැබිහෝල් එකේ විය.

ගාල්ල නගරයට පැමිණිවිට ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ලැබුණේය. එනිසා ඔහු අයිය මලෝ දෙදෙනාගෙන් මල්ලි මෝටර් රියේ සිටියදී අයියා සමඟ එම පණිවුඩය ලැබුණ මිතුරා හමුවීමට ගියේය. එසේ ගොස් විනාඩි දහයකින් ඔවුන් දෙදෙනා ආපසු පැමිණියත් මෝටර් රථයේ නවතා ගිය පුද්ගලයා නොවීය.

එනිසා ඔහුගේ දුරකතනයට ඇමතුමක් ගත්විට කියා සිටියේ ඉක්මනින් එන බවය. එහෙත් විනාඩි කිහිපයක් යනතුරුත් ඔහු නොපැමිණි නිසා මෝටර් රථයේ තබා ගිය මුදල් පසුම්බිය බැලූවේය. රුපියල් දෙලක්ෂය සහිත පසුම්බිය අතුරුදන්ය. ඒ සමඟම ව්‍යාපාරිකයාගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ”මට එන්න වෙන්නේ නැහැ. ඔය දෙන්නා යන්න.”

සිදුව ඇති දෙය දෙදෙනාටම පැහැදිලිය. පසුව ව්‍යාපාරිකයා ගාල්ල පොලිසියට පැමිණ රුපියල් දෙලක්ෂයේ සොරකම ගැන පැමිණිලි කළේය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.



අදහස් (0)

මල්ලි අයියාටත් පොල්ලක් තියා පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site