IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මරණෙට නෑවිත් මරණ සහතිකේ ඉල්ලලා

මෙය සබරගමුව පළාතේ සිදුවු අනුවේදනීය කතා පුවතකි. ඇයට සහ ඔහුට දාව දරුවන් එකොළොස් දෙනෙකි.
කාලය ගෙවෙමින් ගියේය. දරුවෝ ලොකු මහත්වී විවිධ රැකියාවලට ගිය අතර ඒ ඒ ප්‍රදේශවලින් විවාහ කටයුතු සිදු කරගත්හ.
අවසානයේ නිවසේ ඉතිරි වූයේ අඹුසැමියන් පමණි. දරුවෝ ඉඳහිට මවුපියන් බැලීමට පැමිණියහ.
මේ අතරතුර ස්වාමි පුරුෂයා මිය ගියේය. නිවසේ තනියම කල් ගෙවු ඇය ගැන දරුවන් සොයා බැලු‍වේ නැත. පසුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඇයව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයට බාර දුන්නේය.
මේ අතරවාරයේ ඇයගේ දරුවෝ තිදෙනෙක් මිය ගියහ. වැඩිහිටි නිවාසයේ නිලධාරීන් සමග ඇය ඒ සෑම අවමඟුලකටම සහභාගි වූවාය.
කාලය මෙසේ ගෙවි ගිය අතර ඇයද හදිසියේම මිය ගියාය. ඇගේ මරණය පිළිබඳව අදාළ වැඩිහිටි නිවාසයෙන් දරුවන්ට දැනුම් දුන්නේය. අවසන් කටයුතුවලට කිසිම දරුවකු සහභාගි වූයේ නැත.
ඊට සතියකට පසු දරුවෝ සිවු දෙනෙක් වැඩිහිටි නිවාසයට පැමිණියහ. අපට අම්මගෙ මරණ සහතිකය ඕනි දරුවෝ කීහ.
මරණෙට ආපු නැති අයට මොකට ද මරණ සහතිකේ. වැඩිහිටි නිවාසයේ නිලධාරීහු විමසුහ.
අපිට අම්මගෙ මරණ සහතිකේ ඉදිරිපත් කරලා ගමේ මරණාධාර සමිති වලින් සල්ලි ගන්න පුළුවන්... දරුවෝ කීහ.
‘‘දෙයියෝ සාක්කි,, මෙහෙමත් දරුවෝ වැඩිහිටි නිවාසයේ නිලධාරීන්ට කියැවිණි.

 

 බලංගොඩ -වයි.ඒ.එස්. වීරවංශ



අදහස් (0)

මරණෙට නෑවිත් මරණ සහතිකේ ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site