(තිහගොඩ උපසේන ලියනගම)
උතුරු මැද පළාතේ නගරයෙන් ඈතින් පිහිටි ප්‍රධාන පෙළේ විදුහලකි. එහි අලුතෙන් පත්ව ආ විදුහල්පතිවරයාට තම හැකියාව පෙන්වීමට ගිය මුරකරු‘‘සර් මම දවල් වගේම ඉඳහිටල රෑටත් මුර වැඩේ කරනවා, මේ කාලේ වත්තට රිංගන හොරු වැඩියි’’ කීවේ ඔහුගේ සිත් ගැනීමටය.
එහෙත් මඳ කලකින්ම විදුහල්පතිවරයාට දැන ගන්නට ලැබුෙණ් ඔහු එතරම් හොඳ චරිතවත් අයකු නොවන බවයි. පසුගියදා ඔහු රාත්‍රී මුර සේවයේ යෙදී සිටින විට නතර වී සිටින පාසල් වත්තේ කෙළවර කාමරය දෙසට විදුහල්පති ගියේ ඔහු සමඟ සුහදව කතාබහ කිරීමටය.
විදුහල්පතිගේ විදුලි පන්දමේ එළිය දුටු ඔහු මෙතෙක් අඳුරේ සිටියත් කාමරයේ විදුලි පහන් දැල්වීය. ඒ සමඟම කිසිවකු පැනයන හඬ ඔහුට ඇසිණ.
කාමරයට ඇතුළු වී විදුලි පන්දමෙන් වට පිට පරීක්ෂා කළ විදුහල්පති දුටුවේ ඔහුගේ නිදි ඇඳ අසල වූ කාන්තා හවරියකි.
‘මම එනකොට සද්දයක් ඇහුණා’. විදුහල්පති කියන විට ඔහු කීවේ මෙය හොල්මන් විමානයක් කියාය. ‘‘වෙන්න ඇති, හැබැයි හොල්මන් කරන්නේ ගෑනු හොල්මන්. හවරි දාල යන හොල්මන් ගැන මම ඇහුවේ අදයි’’ විදුහල්පති කීවෙන් මුරකරුට තරු පෙනුණාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුරකරුගේ කෙරුවාව හවරියෙන් එළිවෙලා