(තිහගොඩ උපසේන ලියනගම)
‘‘ආච්චිගේ කළු සල්ලි මීයකු සුදු කිරීමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මොනරාගල පැත්තේ ග්‍රාමීය ප්‍රදේශයකිනි.

තම පුතා ලේලිය සහ මුනුබුරු මිනිබිරියන් සිව් දෙනකුගේ පවුලේ සිටි මේ මිත්තනිය බොහෝ දිනවල ගෙදර කටයුතු කරන අතර වත්තේ පිටියේ ගහ කොළ ආදායම එකතු කළේ පවුලේ හැමෝම රැකියාවලට යන හෙයිනි.
තරමක විශාල නිවසක කුස්සිය අසල කාමරයක ඇය සිටි අතර පසුගිය නිවාඩු දිනක ලේලිය කුස්සියේ වැඩ කරද්දී හදිසියේ දුටුවේ මීයකු කඩදාසි කැබැල්ලක් ඇදගෙන භාණ්ඩ අතරින් දුවන බවකි. ඇය වහාම කඩදාසිය දමා දිව ගිය මීයාට කොහුමිටි පාරක් දී කඩදාසිය පරීක්ෂාකර බැලීය. ඒ රුපියල් දහසක නෝට්ටුවකි.
විමතියට පත් ඇය සැමියාට මේ ගැන කියන විට එහි ආ නැන්දම්මා තම කාමරයට දිවගියේ පෙර දිනයක තම මුදල් සහිත පෙට්ටිය විවෘත කළ බව මතක්වීම නිසාය. මිත්තනිය ගෙන් තොරතුරු විමසූ ලොකු මුනුබුරා එහි වූ මුදල් දැක ‘‘ආච්චි මේ හංගපු ඒවා කළු සල්ලි. මේවා බැංකුවක දාගන්න ඒවාට පොළියක් එනවා’’ කීවෙන් ඇගේ එකඟතාව මත මුදල් ගෙන ගැන බැලුවාය. සිල්ලර කාසි හැරුණුවිට නෝට්ටුවලින් පමණක් රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් එහි තිබූ අතර මුනුබුරා කීවේ මේ කළු සල්ලි සුදු සල්ලි කිරීමට මග පෙන් වූ මීයාට ස්තුති කළ යුතු බවලු.
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1494
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මීයෙක් කළු සල්ලි සුදු සල්ලි කරලා