IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මනාලිය පෝරුවට නගිද්දී හොඳම යෙහෙළිය රෝහලේ

මොරගොල්ලාගම සිසිර කැලේගම

දින ගණනාවක් ඇඟිලි ගනිමින් මඟුල් ගෙදරට යාමට පෙරුම් පිරූ හොඳම යෙහෙළියකට අත් වූ අකරතැබ්බයක් ගැන පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි.

ඔවුහු පෞද්ගලික ඇඟලුම්හලක කොළොම්පුරයට ගොස් හදුනා ගත් මිතුරියෝ දෙදෙනෙක් වූහ.

මිතුදම කෙසේ ද කිවහොත් වෙන් වෙන්ව නවාතැන්වල සිට සේවා ස්ථාන දෙකක සේවයට ගිය දෙදෙනා පසු කලෙක එකම නවාතැනක සිට එකම සේවා ස්ථානයක සේවාවට පැමිණියහ.

නිවාඩු යන විට දෙදෙනා දකුණ හා වයඹ පිහිටි ඔවුනගේ ගම් පළාත්වලට පවා යාමට ඒමට පටන් ගත් නිසා එම පවුල්වල අයටද ඔවුහු ආගන්තුකයෝ නොවූහ.

මේ අතර දකුණේ මෙනෙවිය විවාහයකට සුදානම් වුවාය.

ඒ සදහා අවැසි මංගල ඇදුම් ගැනීම, රන් මුදු මාල සැකසීම සදහා  යන මංගල යුවළ හා ඒ පවුලේ අය කැටුව යාමට මෙම යෙහෙළිය ද සහභාගි වුවාය.

ඇයගේ මංගල ගමනට දින නියමිතව ඇති නිසා මනාලිය කල්වේලා  ඇතිව නිවාඩු ලබාගෙන ඇගේ දකුණේ ගම් පළාතට ගියාය.

මංගල දිනයට ආයතනයේ නිලධාරින්ට හා අනිත් හිතවත් යහළු යෙහෙළියන්ට ද ඇරයුම් කර තිබුණි.

ඔවුන්ට වඩා විශේෂ සැලකිල්ලක් දැක්වු මෙම යෙහෙළිය ද ඊට දින කිහිපයකට පෙර නිවාඩු ලබාගෙන ආයතනයෙන් නික්මුණාය.

ඒ තම නිවසේ සිට නියමිත දිනට පෙර දිනයට දකුණේ මංගල උත්සවය පැවැත්වෙන හෝටලයට යාමටය.
එහෙත් මංගල දිනයට ආයතනයේ ඇරියුම් කළ සියලු දෙනා පැමිණ සිටියත් විශේෂයක් දැක් වු මෙම යෙහෙළිය පැමිණ සිටියේ නැත.

විශේෂ ඇරියුමක් කළ හොඳම යෙහෙළිය  නොපැමිණීම ගැන මනාලිය මෙන්ම ආයතනයේ පිරිසට ඇති වූවේ කුතුහලයකි. ඔවුහු ඒ ගැන සොයා බැලුහ.

ඇය මංගල උත්සවයට යාමට මත්තෙන් මුහුණේ තිබු ලප පැල්ලම් ඉවත් කරන්නට මුහුණේ ආලේප කළ  ඖෂධයක් ආසාදිත වී රෝහල් ගත කර ඇති  බවය. මනාලිය මංගල උත්සවය නිමා කර නැවත සේවයට පැමිණ ඇතත් මුහුණට ඇති වී තිබෙන  කැළල නිසා සමාජයට මුහුණදීමට නොහැකිව ඇය තවමත් යාපහුව ගමේම සිටින බවත් දැන ගන්නට ලැබුණි.



අදහස් (1)

මනාලිය පෝරුවට නගිද්දී හොඳම යෙහෙළිය රෝහලේ

sampath Wednesday, 18 January 2023 08:10 PM

ලස්සන වෙනවා කිව්වා නම් ඕනෑම දෙයක් ගන්න යාමෙන් අද කී දෙනෙක් රොහල්වල ඉන්නවද? බලන්න කිසිම අවබෝධයකින් තොරව මේ වගේ දේවල් කිරීමෙන් සදාකාලික රෝගීන් පමණයි වෙන්නේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site