භාවිතයෙන් ඉවත් කරන ලද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සිය වෙළෙඳ සලට සවි කොට සාක්කි වසන් කළා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැටීමට ගිය නඩුවකින් අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි.
හේ හිතුවේ ලාභය ගැනම පමණි. නැතහොත් ආදායම ගැන පමණි. සිය වෙළෙඳ සලේ වියදම් පැත්ත නිතරම කප්පාදු කිරීමට හේ මහන්සි ගත්තේ මේ නිසාමය.
වෙළෙඳ සලේ එදිනෙදා සිදුවන සොරකම් පිළිබඳව ඔහු සිටියේ මහත් කනස්සල්ලෙනි. ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවත් එය සාර්ථක නොවීය. සිය වෙළෙඳ සලේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කිරීමට ඇත්නම් යෝග්‍ය යයි ඔහුගේ සිතට එන්නේ මේ අතරේය. ඒ සඳහා වන වියදම ඔහුට ලොකු ප්‍රශ්නයක්ව තිබුණි. නොමිලයේ ලබා ගත හැකි කැඩුණු සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ගැන ඔහුගේ කපටි සිතට කපටි අදහසක් ආවේය. ඒ එම කැමරා පද්ධතිය කාටත් පෙනෙන සේ සිය වෙළෙඳ සලේ සවිකර ‘ආරක්ෂිත කැමරා ක්‍රියාත්මකයි’ යනුවෙන් දැන්වීමක් ගැසීමය. ඒ උත්සහාය හරි ගියේ දුර පළාතක වාසය කළ ඔහුගේ හිතවතකුගෙන් ක්‍රියාවිරහිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ලැබීමත් සමගමය. ඔහු එය හිතවතාගෙන් ඉල්ලා ගෙන තිබුණේ සිය පුතාගේ පරීක්ෂණයක් සඳහා යයි කියමිනි.
එසේ ලැබුණු කැමරා පද්ධතිය සිය වෙළඳ සලේ සවිකර ඔහු ආරක්ෂිත කැමරා පද්ධතිය සක්‍රීය යයි දැන්වීම් පුවරු ද සවි කළේය. ඒ සමගම වෙනදා වෙළඳ සලේ සිදුවූ සියලු සොරකම් නතරවී ගියේය. ඔහුට එයින් ලොකු සතුටක් දැනුනේ මේ අවස්ථාවේදීත් තමාගේ මොළය නිසා වියදමක් නැතිවම වෙළඳ සලට ආරක්ෂාව ලැබීම පිළිබඳවය.
එම වෙළඳ සල ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙළ පැළඳි රන් මාලයක් කඩා ගන්නේ කැමරා පද්ධතිය සවිකර ටික දිනක් යෑමට මත්තෙනි. එහි සැකකරුවා අත්අඩංගුවට පොලීසිය ඔහුගේ වෙළඳ සලේ එදින සී.සී.ටී.වී. දත්ත ඉල්ලන්නේ ඔහුට දවල් තරු පෙන්වමින්ය. මේ ප්‍රශ්නයේ දී ඔහු දෙලොවක් අතර හිර වන්නේය. ඒ නිසාම ඔහු පොලීසියට සත්‍ය වසන් කරන්නේය. තමා කැමරා පද්ධතිය සවි කරන්නේ සිය වෙළඳ සලේ ආරක්ෂාවට පමණක් බව කියමින් දත්ත කාටවත් ලබාදිය නොහැකි යයි පොලීසියට පවසන්නේය. ඒ කැමරා පද්ධතියේ ඇත්ත කතාව පැවසුවහොත් සිය වෙළඳ සලේ සොරකම් ආයෙත් සිදුවීම නොවැලැක්විය හැකි නිසාය.
පොලීසිය ඔහුගෙන් කැමරා පද්ධතියේ දත්ත කිහිපවිටක්ම ඉල්ලා සිටියේය. ඔහු ඒ හැම අවස්ථාවකදීම එය දෙන්න බැරි බව පවසමින් මග හැරියේය. අන්තිමේ දී මේ සොරකම අල්ලා ගැනීමට ඔහු උදව් නොකිරීම සම්බන්ධයෙන් පොලීසිය සාක්කි වසන් කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කළේය.
මෙය කන වැකුනු පසු ඔහු කඩිමුඩියේම පොලීසියට දිවගොස් අදාළ නිලධාරියාට සිය වෙළඳ සලේ සවිකර ඇති කැමරා පද්ධතිය අක්‍රිය එකක් බව පැවසුවේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට නම් දැන ගන්නට ඉඩ නොතියන ලෙස ඉල්ලමින් ඔහු ඉදිරියේ වැඳ වැටෙමිනි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මදේ නැති සී.සී.ටීවියෙන් මුදලාලිට ‘තොණ්ඩුව’