(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
පොත පත පාඩම් කරන මුවාවෙන් අශෝභන වීඩියෝ නරඹමින් සිටි යෙහෙළියන් දෙදෙනෙකු මවුපියන් ගේ අතටම හසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
පාසල් මිතුරියන් දෙදෙනෙකි. ඔවුහු එකම ගමේ වෙසෙති. එක් මිතුරියක් අනෙක් මිතුරියගේ නිවසට නිරන්තර යෑමට ඒමට වුයේ පොතපත පාඩම් කිරීම සඳහා බව කියා ගෙනය.
තම තරුණ දියණිය මිතුරියගේ නිවසට ගොස් අඳුර වැටීගෙන එන විට පොත පතද රැගෙන නිවසට පැමිණෙන විට ඇගේ හැසිරීම සහ මුහුණේ ඇති වෙනස පිළිබඳව දැරියගේ පියාට මහත් සැකයක් ඇති විය. මිතුරියගේ නිවසේ පිරිමි දරුවන්ද නොමැති නිසා මෙතෙක් සැකයක් නොවුනද මේ ගැන සොයා බැලිය යුතු බව පියා කල්පනා කළේය.
මෙදිනද තම දියණිය අඳුරු වැටී තිබුණද නිවසට නොපැමිණි අතර මෙය අවස්ථාවක් කරගත් පියා මිතුරියගේ නිවසට ගොස් ඇත. කිසිවකුට නොඇසෙන සේ මිතුරියන් සිටින කාමරයේ ජනේලයෙන් කාමරය පිරික්සූ පියාට දවල් තරු පෙනී ඇත.
මිතුරියන් දෙදෙනා පරිගණකයක් මගින් අශෝබන වීඩියෝ දර්ශන නරඹමින් සිටිනු දැක කෝපාවිශිෂ්ඨ වූ පියා පොල්ලක් ගෙන ජනේලයට පහර දී ඇත. කැඩුණු වීදුරු අතරින් පියා දුටු මිතුරියෝ මහත් කලබලයට පත්වූහ. ඇසුණ ශබ්දය කුමක්දැයි බැලීමට නිවසේ පියාද කාමරයේ දොර ළඟට පැමිණියේය.
කලබලයට පත් මිතුරියෝ දෙදෙනා දොර ළඟ සිටි පියාද පෙරළාගෙන අසල වූ කැලයට දිව ගියහ. කැලයේ තිබූ බොරලු කැපු වළකට අඬ අඳුරේම මිතුරියන් දෙදෙනා ඇද වැටීමෙන් දෙදෙනාගේම පාද බිඳී රෝහල් ගත කිරීමට සිදුව ඇත.
දොර ළඟ ඇද වැටුණ නිවැසි පියාගේද පාදයක් බිඳි යාමෙන් ප්‍රතිකාර කිරීමට සිදුවී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මිතුරියන්ගේ කබල් වැඩෙන් ජනේලයට පොලු පාරක්
himal Monday, 18 May 2020 03:46 AM
අනුන්ගේ ගෙවල්වල ජනෙල් කඩන්න නෙවෙයි, තමන්ගේ දරුවන්ට හරි වැරැද්ද වෙලාවට කියලා දීලා තිබ්බා නම් හරිනේ. මේකට කලබල වෙලා ජීවිතයට අනතුරක් කර ගත්තා නම් මොකක්ද වෙන්නේ..? නව යොවුන් වියේ තියෙන්නේ කුතුහලය. මේක සංසිඳවාගන්න විධිමත් අධ්‍යාපනයෙන්වත් නිවසින්වත් හරි මඟපෙන්වීම නොලැබුණාම මෙවැනි අනියම් දේවලට ළමයි නිරායාසයෙන්ම අහුවෙනවා.