IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මිතුරාගේ ‘ ලයිසමෙන්’ සිසුන්ට හොඳ පල්ලමක් ලැබිලා

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පාසල් ආපන ශාලාවෙන් ආහාර පාන නොමිලයේ ලබා ගැනීමට අපූරු අවසර පතක් රැගෙන යන සිසු පිරිසක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.


දකුණේ පමණක් නොව රටේම ජනප්‍රිය පාසලකි. නම කියූ සැනින් මේ පාසල ගැන නොදන්නා කෙනකු නැති තරම්ය.


පාසලේ කැන්ටිමෙන් නිකං කන සිසුහු පිරිසක් සිටියහ. ඒ සඳහා ඔවුහු අපූරු අවසර පතක් රැගෙන ගියහ. මේ අවසර පත නිසා සිසුහු බඩකට පුරා කති, බොති, සතුටුවෙති. පන්තියේ සිටින විට දී සප්පායම් වීමට ද ගෙන ගියහ. 


  සිසුන්ට මේ අපූරු අවසර පත ලැබී ඇත්තේ එම විදුහලේ ඉහළ නිලධාරියකු මාර්ගයෙනි. මේ අවසර පතට තමන්ට අවශ්‍ය කෑම ඇණවුම ලබා දුන්විට කිසි කරදරයක් නොමැතිව තමන්ට අවශ්‍ය කෑම බීම ජාති ලැබෙන බව සිසුහු කියති.


  මේ අපූරු අවසර පත අන් කිසිවක් නොව එම විදුහලේ ඉහළ නිලධාරියකුගේ පුතා බව සිසුහු කියති. ඔහුට අවශ්‍ය කෑම බීම ඇති තරම් ලබාදෙන ලෙස එම නිලධාරියා පාසලේ කැන්ටිමට උපදෙස් ලබා දී ඇති නිසා මේ වාසනාව තමන්ට ද ලැබී ඇති බව සිසුහු කියති. තමන්ට කැන්ටිමෙන් අවශ්‍ය කෑමබීම නොමිලයේ ලබා ගැනීමට මේ අපූරු අවසර පත උදව්වන බවද සිසුහු කියති.



අදහස් (0)

මිතුරාගේ ‘ ලයිසමෙන්’ සිසුන්ට හොඳ පල්ලමක් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site