වතුර මෝටරයක් සොරා ගැනීමට ගිය දෙදෙනකුට ඒ වෙනුවට රන් රිදී ආභරණ හා විශාල මුදලක් සහිත නිධානයක් පහලවීමේ පුවතක් පසුගියදා දකුණු පළාතේ උපනගරයක් ආශ්‍රිත ගම්මානයකින් අසන්නට ලැබිණි.
වතුර මෝටරය හිමි මේ නිවසේ අයගෙන් වැඩි දෙනා රජයේ සේවකයින් වූ අතර නිවසේ සිටියේ මැදිවියේ වූ නිවසේ හිමිකාර පියා පමණකි..
නිවසේ භාවිතයට තිබුණේ එක් යතුරක් පමණක් හෙයින් පවුලේ අය පමණක් දන්නා රහසිගත ස්ථානයක යතුරු සඟවා තැබීම කලක් තිස්සේ සිදුකෙරිණ.
නිවසේ තත්ත්වය දන්නා දෙදෙනෙක් මේ පියා නිවසින් පිටත් වනු දැක තම ආම්පන්න ද රැගෙන ආවේ මිදුලේ පසෙක සවි කොට තිබු වතුර මෝටරය ගලවා ගැනීමටය.
වතුර මෝටරය ගැලවීමට සූදානම්වත්ම එහි සඟවා තිබූ යතුරක් දුටු එක් අයෙක් මෙය නොඅනුමානවම නිවසේ යතුර බව හැඳිනගෙන ගේ විවෘත කොට එහි අල්මාරිවල වූ බඩු හා මිල මුදල් ද රැගෙන යතුර එම ස්ථානයේම සඟවා ගොස් තිබිණ.
ගෙදරට මුලින්ම ආ ලොකු පුතා යතුර ගෙන දොර විවෘත කළ පසු සිදු වී ඇති වින්නැහිය දැක දැන් ගෙදර හැමෝටම දෙහි කපනවාලු.
තිහගොඩ, උපසේන ලියනගම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝටරය සොරා ගන්න ගියාම නිධානයක් පහල වෙලා