IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මීටරය රකින්න ගිය කන්තෝරුවේ ‘පහේ කල්ලිය’ ඇබැද්දියක

(දේවහූව ප්‍රසාද් ජයකොඩි)
එක කෝප්පයෙන් තේ පානය කළ යහළුවන් කිහිප දෙනකු කොරෝනා වසංගතය කාලයේ එක් අයෙකුට එක කෝප්පය බැගින් ගෙනවිත් වෙන වෙනම තේ පානය කර එක් දුම්වැටිය පමණක් යහළුවන් බෙද‌ා ගනිමින් සියලු දෙනාම එකට පාවිච්චි කිරීමේ සිද්ධියක් රාජ්‍ය අංශයකින් වාර්තා වේ.


මෙම මිතුරන් එකම රාජ්‍ය ආයතනයක වසර ගණනාවක් එකට සේවය කරන අතර පහේ කණ්ඩායම යනුවෙන් ද ප්‍රසිද්ධියක් ලබා සිටින ඔවුහු කාර්යාලයේ දී එකට තේ පානය කිරීම හා ආහාර ගැනීම සිරිතක් කරගෙන සිටියහ. තම නිවෙසක මගුලක් අවමගුලක් හෝ කුඩා උත්සවයක් පැවැතිය ද මොවුන් සියල්ල එයට සහභාගි වූයේ එකටමය.


කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මුඛ ආවරණ නිර්දේශ කිරීමත් සමග එම නීතිරීති පිළිපැදීමට මොවුන්ට ද සිදුවිය. එම නීතිරීති අකුරටම පිළිපදින ලෙස තම අංශ ප්‍රධානියා නිතරම උපදෙස් දුන්නේය. ඒ අනුව එක කෝප්පයේ තේ පානය වෙනුවට තම තමන් වෙන වෙනම කෝප්ප ගෙනවිත් ඇති අතර නියමිත ආකාරයට දිවා ආහාරය ද වෙන් වෙන්ව ගෙන ඇත. මෙම සෞඛ්‍ය නීතිරීති නියමාකාරයෙන් පිළිපැදීම ගැන කාර්යාලයේ සියලුදෙනාගේ ප්‍රසාදයට මොවුහු ලක්වූහ.


පසුගිය දිනෙක කාර්යාල සේවකයකු තම උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් රැගෙන විත් එය කැපීමට සූද‌ානම් වූ අවස්ථාවේ මෙම පහේ කණ්ඩායමේ සාමාජිකයකු තම යහළුවා තල්ලු කර එම ස්ථානයට පැමිණ ඇත. එම අවස්ථාවේ මිතුරා මීටරයක පරතරය තබා ගැනීම නැවත නැවත මතක් කළ යුතු දැයි විමසා ඇත.


 ඒ සමගම මිතුරා කියා ඇත්තේ තමන් දුම්පානය කරන විට මුඛ ආවරණය ඉවත්කර දුම්වැටිය ඉල්ලා පානය කිරීම සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනි නැද්ද යනුවෙනි. එයට එම ස්ථානයේ සිටි සියල්ලෝම කොක්හඬලා සිනාසුනහ. සියල්ල හෙළි වූ බව දැනගත් ඔවුන් දෙදෙනා ලැජ්ජාවෙන් එම ස්ථානයෙන් හිමිහිට මාරුවී ගොස් ඇත.

 



අදහස් (0)

මීටරය රකින්න ගිය කන්තෝරුවේ ‘පහේ කල්ලිය’ ඇබැද්දියක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site