IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මඤ්ඤොක්කා හොරකම බෑනාටම කැරකිලා

(තිහගොඩ – උපසේන ලියනගම)
එය ග්‍රාමීය ප්‍රදේශයකි. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මැදිවියේ වූවකු තරමක විශාල මඤ්ඤොක්කා වගාවක් කළේ මේ දිනවල ඉන් ලබන ආදායම සරු නිසාය.


ඔහුගේ ලොකු අක්කාගේ පුතකු වූ තරුණ වියේ වූවකු ඉතා හිතුවක්කාරයකු වූ අතර අඩු වයසින්ම විවාහ වී දරු මල්ලන්ද ඇතිව හිටියත් ස්ථිර ආදායම් මාර්ගයක් නොවීය. ඒ නිසාම සුළු සුළු සොරකම්වලට ඔහු හුරුව තිබිණි. මේ ආකාරයේ සොරකමකට රාත්‍රී යාමේදී කකුලේ තුවාලයක් සෑදීමෙන් ඔහුගේ දකුණු කකුලේ මාපටැඟිල්ල මුළුමනින් කපා දැමීමට සිදුව තිබුණි.


මාමාගේ මඤ්ඤොක්කා වගාව පසුගියදා සොරකු විසින් ගලවාගෙන ගොස් තිබුණි. මේ ගැන බෑනා සැක කළත් ඔහු කීවේ මේක අපි කාටත් කරපු මහ නින්දාවක්. මාමා හොරා ගැන හෝඩුවාවක් ලැබුණොත් මට කියන්න. මම ඌව හමගහනවා කියාය.


පසුගියදා හේනට ගිය මාමාට හෝඩුවාවක් ලැබිණ. බෑනා කැඳවූ ඔහු මඤ්ඤොක්කා ගැලවූ තැන පස් ගොඩේ තිබුණු පා සලකුණක් බෑනාට පෙන්වීය. දකුණු කකුලේ සටහන මනාව එහිවූ අතර එහි මාපටැඟිලි සලකුණ පමණක් නොවීය. මෙය දුටු බෑනා අන්දමන්ද වුවත් මාමා ‘දැන් උඹම හමගහ ගනින්’ කියා බෑනාට කීවාලු.



අදහස් (0)

මඤ්ඤොක්කා හොරකම බෑනාටම කැරකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site