IMG-LOGO

මඟුල් පොටෝ ගන්න ගිය ඡායාරූප ශිල්පියා ආදායමෙන් භාගයක් හෝටලයට ගෙවලා

මංගල උත්සවයකට පිංතූර ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක තපින්නට සිදුවිය. ඔහු මීරිගම ප‍්‍රදේශයේ ඡායාරූප ශිල්පියෙකි. සිය ඥාතියකුගේ ඇරයුමින් පසුගිය සතියේ වැඩක් බාර ගත්තේ උදව්වක් වශයෙනි. මැයි පලමුවැනිදා හවස් යාමයේ සිට ලක ලැහැස්ති වූ මේ ඡායාරූප ශිල්පියා දෙවැනිදා හිමිදිරියේම මීගමුව ප‍්‍රදේශයේ නියමිත හෝටලය බලා පිටත් වූයේය. පෙරවරු අටවන විට සියල්ල සූදානම් කෙරෙන බව පවසා තිබුණත් එහි මංගල උත්සවයක කිසිදු ලකුණක් දැක ගැනීමට තිබුණේ නැත. මනාලියගේ පාර්ශ්වයේ කිසිවෙක් පැමිණ ද නැත. සේවක පිරිසක් තණකොළ කැපීමේ යෙදී සිටිනුද ඔහුට දැකිය හැකිවිය. ටික වේලාවක් බලා සිටි ඡායාරූප ශිල්පියා හෝටලයේ පිළිගැනීමේ නිලධාරි හමුවී කතාබහක නිරත විය. මහත්තයා ඔය කියන මංගල්ලය තියෙන්නේ හෙට උදේටයි. අද නම් අපිට වැඩක් නැහැ පිළිගැනීමේ නිලධාරියාගේ ප‍්‍රකාශයත් සමග අන්දමන්ද වූ ඡායාරූප ශිල්පියා සිය දිනපොත බැලීය. එහි දිනය හරිය. තමන්ට මේ කටයුත්ත පැවරූ ඥාතියාට කතා කළ පසු දිනය වරද්දාගෙන දින පොතේ සටහන් කර ගැනීම නිසා මේ අකරතැබ්බය වූ බව ඡායාරූප ශිල්පියා තේරුම් ගත්තේය. එම හෝටලයේම කාමරයක් කුලියට ගත් ඔහු එදා එහි නතරව පසුදා මංගල උත්සවය ආවරණය කර ගමට ගියේ තමන්ගේ ආදායමෙන් කොටසක් හෝටලයේ කාමර ගාස්තුව ලෙස ගෙවීමෙන් අනතුරුවය.



අදහස් (0)

මඟුල් පොටෝ ගන්න ගිය ඡායාරූප ශිල්පියා ආදායමෙන් භාගයක් හෝටලයට ගෙවලා

මාතර මල්ලි Friday, 11 May 2012 02:41 AM

කාමරේ ගාස්තුව මගුල් ජෝඩුවගේ නමට දාලා ෂේප් වෙන්නනේ තිබුණේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 11 May 2012 09:08 PM

තමන්ට නියමිත වැඩ කොටස ඉටු කරන්න පෙර සූදානමක් නැතිව යන කෙනෙකුට ඔහොම අකරතැබ්බක් සිදුවීම පුදුමයකුත් නෙවෙයි. මෙකේ කමෙන්ට්ස් දාල තියන අය නම් මේ සම්බන්ධව ඡායරූප ශිල්පියාට වඩා සෑහෙන පළපුරුද්දක් තියන කට්ටිය වගේ කියලයි මට නම් හිතෙන්නේ. ඒත් ගෙදර කෑම තියෙද්දී කඩවල කෑම කාලා නිකම් බඩ ලෙඩ කරගන්නේ මොකටද? ටිකක් විතර ඒකකාරී වුනත් මට නම් ගෙදර හදන කෑම තරම් වෙන මොනවත් දිරවන්නේ නැහැ. හැබැයි ඒ වගේ නොවෙන අය අනන්තවත් ඉන්න පුළුවන්. මම ඒ පිරිසට මොකුත් කියන්න යන්නේ නැහැ.කමෙන්ට්ස් බලපුවාම ඒ අයටම වැටහේවී කරගෙන තියෙන මෝඩ කම..

:       0       0

ජයලයි ජේ Tuesday, 08 May 2012 11:29 AM

මීරිගම සහ මීගමුව කියන්නේ ලොකු දුරක් ද ? ගෙදර ගිහින් එන්නෙ නැතිව ඇයි හෝටලේ නැවතුනේ. මෝඩකම තමයි.

:       0       0

වසන්ත දිසානායක Tuesday, 08 May 2012 11:42 AM

මෝඩ මිනිහෙක්

:       0       0

චන්දි Tuesday, 08 May 2012 12:47 PM

මීරිගම සහ මීගමුව අතර එතරම් දුරක් නෑ. වැඩිම වුනොත් පැයක් යාවි. හෝටලයේ නවතින්නේ මොකටද ? ආපහු ඇවිත් පහුවදා ගියානම් ඉවරයිනේ.

:       0       0

ප්‍රදීප් Monday, 14 May 2012 09:25 PM

මෝඩ මනුස්සයෙක්..

:       0       0

ස්ටැනී Tuesday, 15 May 2012 09:33 PM

කමක් නෑ.වෙනසකටත් එක්ක

:       0       0

සත්සරණි Saturday, 12 May 2012 07:31 AM

දොස්තර සුජිත් අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඉගෙන ගත යුතුයි

:       0       0

බණ්ඩාර Tuesday, 08 May 2012 02:24 PM

තමන්ට වැදගත් වැඩක් තියෙනවනම් හොදමදේ දේ ඒ බව තහවුරු කරගෙන අදාල තැනට යන එකයි. සන්නිවේදන තාක්ෂණය මෙච්චර දියුණු රටක මේවගේ දේවල් වෙන එක ගැන කණගාටුයි

:       0       0

සේන Sunday, 13 May 2012 04:42 PM

කමක් නෑ.කියක් හරි හොයා ගන්න ඇතිනේ

:       0       0

රුවන් Tuesday, 08 May 2012 03:40 PM

මේ වගේ මෝඩ වැඩ ගැන පත්තරේ කොටසක් වෙන් කරපු එක අපරාදේ

:       0       0

ලියනගේ Tuesday, 08 May 2012 04:52 PM

වාර්තාකාරයොත් ජීවත්වෙන්න එපෑ...

:       0       0

ශාන්-saudi arabia Tuesday, 08 May 2012 06:06 PM

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එනවා වගේ වැඩක් කළාද කියලා කවුද දන්නේ

:       0       0

ජානක Thursday, 10 May 2012 06:18 AM

කිසිදු සංවිධානයක් නැතුව වෘත්තීය සුදුසුකමක් නැති පුද්ගලයෙක් විසින් සිදු කළ ක්‍රියාවක්. ඔහු අදාල දිනයට කලින් දින එම පුද්ගලයින්ට කතා කළ යුතුව තිබුණා නේද?

:       0       0

නිකොනිමා Tuesday, 08 May 2012 06:42 PM

තනියම නෙමේ වෙන්න ඇති.

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 07:52 PM

මෙි පොටෝගන්න අමිපන්නත් අරන් ඔකත් උස්සන් ආපහුයන්න ඕනයැ ළමයිනේ. මෙචිචර හොද හෝටලයක් තිබුණ එකේ මමත් ඉතින් නැවතුනා. මම හිතුවේ මනමාල පාර්ශවයෙන් හෝටලයේ මුදල් ගෙවාවි කියල. හුටා බැලින්නමි මගේ සාක්කුවටනේ කෙලවුනේ. මක්කැයි කොරන්නේ.ගියදේ ගියා.

:       0       0

අර්ජුන් Tuesday, 08 May 2012 09:26 PM

මේ මනුස්සයා රූම් එකක් ගත්ත එකේ අපරාදනේ නිකං යන එක. කොහොමත් සල්ලි ගෙවන්න ඕනිනේ

:       0       0

බර්නාඩ් Thursday, 10 May 2012 10:15 AM

සේවකයෝ කපපු තණකොළ ටික දුන්නනම් හරි කන්න

:       0       0

චතූ Tuesday, 08 May 2012 11:41 PM

අලිබබා විහිළු කරනවා වගේ.

:       0       0

හසාන් Sunday, 13 May 2012 11:48 PM

මෙයාව දාන්න ඕනි රහස් ඔත්තු සේවයට

:       0       0

भन्ते A Friday, 11 May 2012 02:13 AM

කාලසටහනක් නැති නම් මේවා වෙනවා

:       0       0

අසන්ක Wednesday, 09 May 2012 02:10 AM

අනේ මෙයාගේ පින්තුරයක් ගන්න තිබුණානම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site