(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අවසානයේ මනාල-මනාලියන් හා ඥාතීන් සිප වැළඳ ගැනීමේදී සෞඛ්‍ය විද්‍යානුකූලව එය සිදු කිරීම සඳහා ‘හාදු වැස්මක්’ නමින් සිනිදු විනිවිද පෙනෙනසුළු ඉටි කොළ ආවරණයක් භාවිතා කිරීමේ අපූරු සිදුවීමක් පසුගියදා අගනුවර පැත්තෙන් වාර්තා විය.
කලා නිර්මාණ පිළිබඳව නමක් තබා ඇති මේ මනාලයා, සිය මංගල්‍ය උත්සවය සූදානම් කොට තිබුණේ සෞඛ්‍ය විද්‍යානුකූල නීතිරීති අකුරටම පිළිපදිමිනි. මේ සඳහා නිර්දේශිත පිරිසක් සහභාගි වූ අතර, දේශීය සිරිත් අනුගමනය කරමින් සියලු කටයුතු සිදුවිය.
උත්සව අවසානයේ මනාල යුවළ සහ ඥාතීන් සමුගන්නා අවස්ථාවේ මනාලිය සිප වැළඳ ගැනීම සම්ප්‍රදායක් වූයෙන් ඒ ගැන සිතූ මේ මනාලයා ඒ සඳහා මනාලියගේ සහ තමාගේ මුහුණ ආවරණය වන ආකාරයට විනිවිද පෙනෙන සිනිදු ඉටිකොළවලින් ආවරණයක් සකසා ඒ මොහොතේ එය පැළඳ ගත් අතර, එය හැඳින්වූයේ ‘‘හාදු වැස්ම’’ යනුවෙනි.
සෞඛ්‍ය විද්‍යානුකූල මේ හාදු දීම සිදුවූ අතර, එය මංගල්‍ය උත්සවයේ ඉතා විනෝද ජනක අවස්ථාවක් වූ බව ඥාතීහු පවසති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මඟුල් දා සෞඛ්‍ය නීති රකින්න මනාලියට ‘හාදු වැස්මක්’