IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මඟුල්දා මනාලිය පැනගියාම කපුවාගේ දියණියට ඉල්ලමක් පෑදිලා

ගමේ අහල පහළ නිවැසියන් වූ නිමල් හා සුමනා පාසල් වියේ සිටම එකට එක්වී සොයුරුදා මෙන් කාලය ගෙවුවත් වියපත් විමේ දී මේ දෙදෙනා ආදර වන්තයන් බවට පත් වූයේ නොදැනුවත්මය.
මේ ගැන හාංකාවිසියක්වත් නොදත් සුමනාගේ මවුපියෝ ඇයට මඟුල් කපුවෙකුගේ යෝජනාවක් මගින් දුර බැහැර පළාතක තරුණයෙකුට ඇය විවාහ කරදීමට සියලු කටයුතු සුදානම් කළහ. නිමල් හා සුමනා අතර සම්බන්ධයක් ඇතැයි  නිවැසියන් පවා සැක නොකරන  ලද්දේ කුඩා කල පටන්ම ඔවුන් දෙදෙනා හිතවත්ව ඇසුරු කළ බැවිනි.


මේ  අතර මේ දෙදෙනා කතා කරගත් පරිදි මඟුල් දිනය එළඹීමට මත්තෙන් නිවෙසින් පලා යෑමට ඔවුහු සියල්ල සුදානම් කර ගත්හ. තමන් කුඩා අවදියේ සිට ආදරය කළ නිමල් හා විවාහ වී දුර පළාතකට ගොස් හොඳින් ජීවත් වන බවත් ඔවුන් ගැන සොයා බැලීම අනවශ්‍ය බවත් දන්වා තම මවුපියනට ලිපියක් ලියා තැබීමට ද සුමනා අමතක නොකළාය. මඟුල්දා උදාවිය. සුමනා නිවෙසේ නැති බව දුටු මවුපියන්ට දෙලෝ රත්වී විලාප නගමින් දුවපනිද්දී ඇය ලියා තබා ගොස් ඇති  ලිපිය හමුවිය. තව නොබෝ වේලාවකින් මනාලිය කැන්දා යාමට මනාලයා ආවිට කුමක් කරන්නද? ඔවුන්ට කදිම උපායක් කල්පනා විය. මඟුල ජෝඩු කළ කපුවාගේ දීග යන වයසේ සිටින දියණියක් ඇති බව ඔවුන් දන්නා බැවින් වහාම ඔහු යවා තම නිවෙසට ගෙන්වා මනාලියගේ අඩුව ඇයගෙන් පිරිමසා ගත්හ.
නියමිත වේලාවට මනාලයා තම නැදෑ පිරිස සමඟ පැමිණි අතර, මංගල්‍යයේ කටයුතු නොපිරිහෙලා ඉටු කෙරිණි. පොරොන්දු වූ පිරිදි ඉඩකඩම්, හරකබාන, මිල මුදල් ආදි දායාදය ද සුමනා වෙනුවෙන් නව මනාලියට පිරි නැමුණි. මනාලිය පැන ගිය බැවින් කපුවාගේ දෝණියට පෙර පිණක් පෑදුන බව ගමපුරා ආරංචි විය.

මතුගම පියසේන දොඩන්ගොඩ

 



අදහස් (0)

මඟුල්දා මනාලිය පැනගියාම කපුවාගේ දියණියට ඉල්ලමක් පෑදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site