මව්පියන් දෑවැද්දට දීමට පොරොන්දු වූ ත්‍රිරෝද රථය නොගෙනාවයි ලේලියත් සමග වචන හුවමාරුවකින් විරසක වී ඇතැයි කියන කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ කාන්තාවක රජයේ රැකියාවක් කරන 29 හැවිරිදි පිරිමි දරුවාට රජයේ රැකියාවක් කරන රුවැති මනාලියක සොයනවා යැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් මීට වසර දෙකකට පමණ ඉහතදී පළ කර තිබේ. මෙම මංගල දැන්වීමට දිවයිනේ නන් දෙසින් ලිපි 60 ට වැඩි සංඛ්‍යාවක් මනාලයාගේ මවට ලැබුණි.
ගැලපෙනවා යැයි කියන හොඳම ලිපි කිහිපයක් තෝරාගත් කාන්තාව ඒ අතරින් දකුණු පළාතේ මනාලියකගේ මව්පියන් විසින් එවා තිබුණු ඡායාරූපයකට හා විස්තරවලට කාන්තාවගේ හිත ඇදී ගියේය. එවා තිබුණු කේන්ද්‍ර පිටපත හා පිරිමි දරුවාගේ කේන්ද්‍ර පිටපත කෑගල්ලේ ජෝතීර්වේදියකු ළඟට රැගෙන ගිය කාන්තාව කේන්ද්‍ර පිටපත් දෙක බලා දෙදෙනා විවාහයට සුදුසු බව ජෝතීර්වේදියා කාන්තාව හමුවේ විස්තරාත්මකව සනාථ කර දී තිබුණි.
පසුව කාන්තාව ඥාතීන් කිහිප දෙනෙකු සමග මනාලිය බැලීමට පිරිමි දරුවා සමග දකුණු පළාතට දිනක ගියෝය. එහිදී මනාලයා මනාලිය හඳුනාගෙන මනාලිය මනාලයාටත් මනාලයා මනාලියටත් දෙපාර්ශවයේ මව්පියන් ඉදිරියේදී කැමැත්ත ප්‍රකාශ කෙරිණ.
එහිදී මනාලියගේ මව මනාලයාගේ පාර්ශ්වයට කියා සිටියේ දියණිය ගුරුවරියක බවත් ලක්ෂ 20 ට වැඩි රන් භාණ්ඩ පමණක් ඇය සතුව තිබෙන බවත් ඊට අමතරව නිවසට අවශ්‍ය ලී බඩු හා ඇයට අයත් අලුත්ම ත්‍රිරෝද රථය දෑවැද්දට දෙන බවටත් පොරොන්දු වූවාය.
පසුව දෙපාර්ශවයේ කැමැත්ත අනුව විවාහ මංගල්‍යය ඉකුත් මැයි මාසයට යොදාගැනිණි. මනාලියගේ නිවසේ චාරිත්‍රානුකූල පළමු දින විවාහ මංගල්‍යය පවත්වා මනාලයා මනාලිය කැන්දාගෙන කෑගල්ලට පැමිණ විවාහ මංගල්‍යයේ දෙවැනි දින මනාලයාගේ පාර්ශවයේ උත්සවය කෑගල්ල නගරයේ විවාහ මංගල්‍යය උත්සව ශාලාවක මහ ඉහළින් පැවැත්විණ.
මනාලියගේ මව්පියන් දෑවැද්දට ගෙනා ලී බඩු ගෘහ උපකරණ බඩු ලොරිය කෑගල්ලේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින් පිහිටි මනාලයාගේ නිවසට රැගෙන ගොස් නිවසේ සිටි මනාලයාගේ ඥාතියෙක් ලොරි රථය විවාහ මංගල්‍යය උත්සව ශාලාව අසලට රැගෙන ආවේය.
විවාහ මංගල්‍යය අවසන් වී දින කිහිපයකට පසුව මනාල යුවළ මනාලියගේ දකුණේ නිවසට ද ගොස් දින කිහිපයක් ගත කර යළි කෑගල්ලේ නිවසට පැමිණ තිබේ. මනාලියගේ මව්පියන් ඊට දින කිහිපයකට පසුව ඇඹුල් තියල් මාළු උයාගෙන බත් ද මී කිරි හට්ටි කිහිපයක් ද රැගෙන යළි දියණිය බැලීමට වෑන් රථයකින් කෑගල්ලේ නිවසට පැමිණ බලා ගොස් සිව් මසකට වැඩිය.
සති දෙකකට පමණ ඉහතදී මනාලයාගේ මව ලේලිය ගෙන් “ දෑවැද්දට අම්මා ත්‍රිරෝද රථයක් දෙනවා කිව්වා කෝ ත්‍රිරෝද රථය ” යැයි විමසුවාය.” ‘අම්මා ත්‍රිරෝද රථයක් දෙනවා කිව්වා තමයි ඒ ත්‍රිරෝද රථය මගේ. මගේ අම්මා ටිකක් අසනීපෙන් මේ දවස්වල ඉන්නේ. හදිස්සියක් වුණොත් අම්මා රෝහලකට රැගෙන යන්න කියලා මම ඒක තාත්තාට දීලා ආවා’ යැයි ලේලිය නැන්දම්මාට පැවසුවාය.
‘ඇයි අම්මා අසනීප වුණොත් අයියාගේ ත්‍රිරෝද රථයක් තියෙන්නේ. එ්කෙන් රෝහලකට අරන් යන්න කියා ත්‍රිරෝද රථය අද හෙටම පුතත් එක්ක ගිහින් අරන් එන්න. නැති නම් පස්සට පස්සට යන කොට තාත්තා දෙන එකක් නෑ. දුව දැන් දරුවෙක් ලැබෙන්න නේද ඉන්නේ. හදිසියේ බෙහෙත් ටිකක් ගන්න යන්න තියෙන්න එපැ යැයි’ පැවසුවේ තරමක් කේන්තියෙනි. ‘අපේ තාත්තා එහෙම කරන කෙනෙක් නෙමේ අම්මේ. මගේ අම්මාට ටිකක් දුරට අසනීප සුව අතට හැරුණාම අරන් එන්නම්’ යැයි පැවසුවාය. දෙදෙනාගේ වචන හුවමාරුව හේතුවෙන් දින කිහිපයක් තිස්සේ ලේලිය හා නැන්දම්මා විරසකව ජීවත්වෙමින් සිටින බව වාර්තා වෙයි.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මඟුලේදී පොරොන්දුවූ ත්‍රිරෝද දෑවැද්ද නොගෙනාවට නැන්දයි ලේලියි ඇනගෙන