IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මඟුල්දා තෑගි ලැබුණු ජංගම දුරකතනය මධු සමය කයි

මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් පසුගිය දිනෙක වාර්තා විය.


සිද්ධියට අනුව වසර ගණනාවක පෙමින් වෙළුණු මෙම යුවළගේ පෙම පලදරමින් මහනුවර ආසන්නයේ හෝටලයක උත්කර්ෂවත් ලෙස පැවැත් වූ  විවාහය මංගල උත්සවයකින් අවසන් විය.


මනාල යුවළ මධුසමය සඳහා සීත කඳුකර පෙදෙසක හෝටලයක් කරා ගියහ.


දවසේ විඩාව උණු දියෙන් නිවාගත් යුවළ දවසේ තොරතුරු පිළිබඳව ආවර්ජනය කරන්ට වූහ. ඔවුන්ට විදේශීය මිතුරකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු නවීන පන්නයේ සුහුරු ජංගම දුරකථනය මතක් වන්නට විය.


මංගල දිනයේ වූ සොඳුරු මතකයන් එම නවීන පන්න​ය් සුහුරු ජංගම දුරකථයේ ගබඩාකර තිබු අතර ඒවා නැරඹීමට ඔවුන් අතර එකඟතාවක් ඇති විය.


ඒ අනුව දුරකථනය ගෙන ක්‍රියාත්මක කළ අතර එහි ආරක්ෂාව වෙනුවෙන් මුර පදය ලෙස යොදා තිබුණේ මනාලිය වූ තරුණියගේ මුහුණයි. කිහිප විටක් දුරකථනයේ ආරක්ෂක අගුල විවෘත කිරීමට තම මුහුණ වෙත ළං කළත් එය සක්‍රීය නොවිණි.


තම උත්සාහය අත නොහැරි මනාලිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මනාලයාට සිදු වූ දේ තේරුම් ගැනීමට හැකි වූ අතර ඒ අනුව මනාලිය ලෙස හැඩගැන්වීමට රූපලාවන්‍ය ආයතනය වෙත ගොස් වෙස් ගැන් වූ ඡායාරූපයක් ඒ සඳහා යොදා ගැනීම පටලැවිල්ලට හේතු වූ බව ඔහු තම බිරිඳට කීවාය.


තමන් දවස පුරා ලබාගත් ඡායාරූප හා වීඩියෝ බැලීමේ ආශාවෙන් පෙළුණු මනාලිය තම රූපලාවන්‍ය දැනුම යොදා සිය ගමන් මල්ලේ සඟවා තිබූ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒවායෙන් නැවත මනාලිය ​​ෙස් වෙස් ගැන්වීමට වූ අතර මනාලයාට නිහඬව ඒ දෙස බලා සිටින්නට වූයේ මංගල දින රාත්‍රීයේ මනාලියගේ ආශාවට ඉඩ දෙමිනි.


ඒ වන විටත් මධ්‍යම රාත්‍රීය ද පසු වී තිබු අතර දවස් කිහිපයක විඩාවත් දහසක් බලාපොරොත්තු තබා සිටි මනමාල මහතාට තවත් පැය කිහිපයක් බලා සිටින්නට වූ අතර අවසානයේ ජංගම දුරකථනයේ ආරක්ෂක අගුල ඉවත්කිරීමට හැකි විය. එසේ වූවත් මනාලිය හා එක්ව තවත් පැයක් පමණ ඡායාරූප හා වීඩියෝ නැරඹීමට ඔහුට සිදු විය.

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

 



අදහස් (0)

මඟුල්දා තෑගි ලැබුණු ජංගම දුරකතනය මධු සමය කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site