IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මඟුලේදී අන්දමන්දවූ මුදලාලි තෑගි කවරය ත්‍රීවිලරයට දීලා

කාලයකට පසු නොමිලේ ලැබුණ නිසා කරටිය කැඩෙන්නම ගහලා මඟුල් ගෙදරට දීමට ගෙනගිය  මුදල වෙනත් වාහනයකටදී යන්තම් අතපය බේරාගෙන ගෙදරට පැමිණි මුදලාලි කෙනෙකු ගැන ගාල්ල දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 
 මොහු කලක් නගරයේ වෙළහෙළඳාම් කළ අතර දැන් ටිකක් වයස නිසා ත්‍රිරෝද රථයක් මිලට ගෙන එය කුලියට දුවමින් කීයක් හෝ සොයාගෙන ගෙදරට වී දිවි ගෙවන්නෙකි. 
පසුගියදා ඔහුගේ මිතුරකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට ආරධනයක් ලැබුණි. ඔහු කවදත් මුදල් ගෙවා මධුවිත රස බලන්නකු නොවේ. එහෙත් නොමිලේ ලැබුණොත් කිසිදෙයක්  අත හැරියේ නැත. මංගල උත්සවයට ගිය පසු මධුවිත ලැබෙන බවට විශ්වාසය. තමන්ගේ  ත්‍රිරෝද රථයෙන් ගියොත් නොමිලේ ලැබෙන මධුවිත ටිකවත් බොන්නට ලැබෙන්නේ නැත. උත්සවය තිබුණේ තම නිවසේ සිට සැතපුම් පහළොවක් පමණ දුරින් පිහිටි උත්සවශාලාවකය. පාරේ ධාවනය වන බස්රථයක ගියහොත් එතනට බස් දෙකක යා යුතුය. මේ නිසා ඔහු හොඳට ඇද පැළඳගෙන අසල්වාසි කුලී ත්‍රිරෝද රථයක් කතා කරගෙන උත්සවශාලාවට ගියේය.


ටික වේලාවකින් මඟුල් ගෙදර මිතුරාගෙන් මධුවිත පාටියට ආරාධනා ලැබිණි. නොමිලේ මේ අයුරින් බොන්නට ලැබුණේ ටික කලකිනි. එහිදී පැරැණි මිතුරෝද හමුවූහ. මේ නිසා ටිකක් වැඩිපුර මධුවිත ගත්තේය. රතුකට්ට පැන්නේ ඔහු නොදැනුවත්වමය.
මේ අතර මොහුගේ ප්‍රමාදය නිසා එහෙන් මෙහෙන් ඔළුව දා බලද්දී කුලී ත්‍රිරෝද රථ රියදුරාටද ඔහුගේ මිතුරකු  එහිදී හමුවිය. ඒ මිතුරා නොමිලේ ලැබුණ මධුවිත ටිකකින් ත්‍රිරෝද රථ රියදුරාටද ලෝභ නැතුව සංග්‍රහ කළේය.  මේ නිසා කුලී ත්‍රිරෝද රථ රියදුරාටද ගිය හයර් එක අමතක විය. ඒ නිසා ඔහු ආපසු ගෙදර ආවේය.
කරටි කැඩෙන්නට ගැසූ මුදලාලි උත්සවශාලාවේ රථගාලට පැමිණ බලනවිට තමන් ගිය ත්‍රිරෝද රථය සොයා ගන්නට නැත. ඔහු එහි වූ වෙනත්  ත්‍රිරෝද රථයකට ගොඩවුණේ කෙළින් ඉඳගෙන ඉන්නත් බැරි තරමට ඒ වනවිට වෙරිවී සිටි නිසාය.
‘‘මොකද මුදලාලි මොහොකද ආවෙ.’’
‘‘මං ආ විදිය වැඩක් නැහැ මල්ලි මං උඹට හයර් එක දෙන්නම්. මාව ගෙදරට ගිහින් දාපන්’’.
ඒ ත්‍රිරෝද රථ රියදුරා මුදලාලි ගෙදරට ඇරලවා කුලිය රුපියල් එක්දහස් පන්සියයක් ගත්තේය.
මුදලාලි උත්සවශාලාවට යද්දී ගිය ත්‍රිරෝද රථයටත් ඉන්ධන ගහන්න රුපියල් එක්දහස් පන්සියයක් දුන්නේය. මගුල් ගෙදර මිතුරා ලියුම් කවර බලා කිහිප දෙනෙකු සමග කියා තිබුණේ අසවල් මුදලාලි අපේ මගුල්ගෙදර කරටි කැඩෙන්න ගහලා ලියුම් කවරයක් නොදී ගිය බවය. 
මෙය ආරංචි වී ‘‘කො​ෙහද මුදලාලි මඟුල් ගෙදර’’ කියා මිතුරන් අසන විට මළපනින නිසා මුදලාලි දැන් පාරටවත් බහින්නේ නැතිලු. 

 

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

මඟුලේදී අන්දමන්දවූ මුදලාලි තෑගි කවරය ත්‍රීවිලරයට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site