IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මඟුලට ගිය ජෝඩුවේ සැමියා රන්මාලය කූල් කරලා

මංගල කේක් කැබැල්ලක්යැයි සිතා බිරියගේ රන් මාලයක් ශීතකරණයක තැබූ සැමියකු පිළිබඳව පසුගියදා වාර්තා විය.


හුදෙකලාව දිවි ගෙවන වියපත් යුවළකි. සමීප ඥාතියකුගේ දියණියකගේ මංගල උළෙලට සහභාගි වීමට ගියේ හොඳින් හැඳ පැළඳ ගෙනය. බිරිය රන් ආයිත්තම්වලින් සැරසුණේ මනාලිය පරදවන්නටය. ඇගේ කරමාලය පමණක් පවුම් හතරක් පහක් බරය.

විනෝදයෙන් දවස ගතකළ යුවළ ආපසු නිවසට පැමිණියහ.


නිවසට පැමිණෙමින් සිටි බිරිඳ අතරමගදීම සිය රන්මාලය ගලවා කඩදාසි කැබැල්ලක ඔතා ගත්තේ වැඩි ආරක්ෂාවටය. නිවසට පැමිණි වහාම ඇය තමන් අත වූ පාර්සලය සැමියා අත තබා අනේ මේක පරිස්සමට තියන්නැයි කීවාය. බිරිය දුන් කුඩා පාර්සලය දුටු ඔහු එය මංගල කේක් කැබැල්ලකැයි සිතා ශීතකරණයේ තැබුවේ පහසුව පිණිසය. 


සැමියාගෙන් ඒ ගැන විමසීමට ඇයට අමතකවිය. ඇයට තමන්ගේ රන් මාලය සිහි වූයේ පසු දා උදේය. ‘අනේ මගේ මාලේ කෝ දෙන්න’යි ඇය සැමියාගෙන් ඉල්ලා සිටියාය.


වික්ෂිප්ත වු සැමියා මොන මාලයක් දැයි ඇසුවේ තරහිනි. ‘මට දීපු මාලයක් නෑ තමුසෙට තියපු තැනක මතක නැතිව ඇති මං එක්ක උදේම නාඩගමක් අල්ලන්න හදනව ද’ ඔහු වැඩිදුරටත් කීය. 


බිරියද අතහැරියේ නැත. සැමියා හා එකට එකම කීවාය. මේ රණ්ඩුව අඩ පැයක් පමණ පැවතිණි. ටික වේලාවක් මූණ එල්ලා ගෙන සිටි බිරිය ‘ඇයි මනුස්සයෝ මං තමුසෙගෙ අතට ඊයේ හවස දීපු පාර්සලේ කෝ’ යළි විමසුවාය.


‘ආ වෙඩින්කේක් කෑල්ල ද ඒක නම් මම ෆ්‍රිජ් එකේ දැම්මා’ සැමියා පිළිතුරු දුන්නේය.


‘ඇයි දෙයියනේ ඒකේ තිබුණේ වෙඩිං කේක් කැල්ලක් යැ. මගේ මාලෙනේ’ කී බිරිය ශීතකරණය ඇර මාලය අතට ගෙන පරීක්ෂා කර බැලුවේය.


‘හත් දෙයියනේ තමුසෙ මඟුල් ගෙවල්වල ගියාම කේක් කෑලි හත අටක් අරන් එනවනෙ මං හිතුවේ එහෙම නේ’ කී සැමියා හීන් සීරුවේ නිවෙසෙන් එළියට බැස්සේ යළි රණ්ඩුවක් ඇවිලීම වළක්වා ගනු පිණිසය.

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

 



අදහස් (0)

මඟුලට ගිය ජෝඩුවේ සැමියා රන්මාලය කූල් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site